Monday 25 April 2016

අනිත් කොනේ බෝධිනීගේ හදවතේ සූත්‍රය

වෛද්‍යවරියක ලියන බ්ලොගයක් ඇති බව දැනගත්තේ ළඟකදිය. අනිත් කොන නම් වූ ඒ බ්ලොගයේ මම බොහෝ විට කරන්නේ කියවා ඒම හෝ ඉඳහිට කොමෙන්ටුවක් දමා ඒම පමණි. එහි ලිපි පිටපත් කර ගැනීම වළකා ඇති බැවින් එහි ලිපි නෙලුම් යායේ කිසිදා පල නොවිණි. අනිත් කොනේ පළවූ ලිපි එකතු කර පොතක් පල කර ඇති බව දැන සිටියත් එය අතට ලැබුනේ මේ නොබෝදාය. ඒ නෙළුම් යාය සම්මාන උළෙලේදී මිලදී ගත් බැවිනි. මගේ පොත එළි දැක්වූ දවසේ පැමිණි බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ඇගේ අත්සන සහිත තවත් පොතක් මට පරිත්‍යාග කලාය.

 මුලින්ම බ්ලොගයේ ලිපි කියවන විට මුලින්ම ඇතිවන අදහස් හෝ හැඟීම් දෙකක් තිබේ. එකක් නම් ඇය උතුරේ සිටින ශ්‍රී ලංකා හමුදාවේ විශේෂයන්ම සිංහල හමුදා භටයන්ගේ වීරත්වය හා කාරුණිකත්වය ගැන කතා කරන බවයි. මෙය විශේෂ වන්නේ පසුගිය කාලයේ බොහෝ බටහිර ජන මාධ්‍ය වල, දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන වෙබ් අඩවි වල හා මෙන්ම සමහර වාමාංශික යයි කිව හැකි වෙබ් අඩවි වලද සිංහල යුධ භටයන් විසින් සිදු කරන ලදැයි කියන යුධ අපරාධ පිළිබඳව චෝදනා බොහොමයක් එල්ලවූ බැවිනි. ඒ චෝදනා ප්‍රතික්ෂේප කළේ සිංහල පුවත්පත් හා ශ්‍රී ලංකාවේ එවකට පැවති රජයේ මාධ්‍ය පමණි.

 දෙවැනිව ඇතිවන හැඟීම නම් වෛද්‍යවරුන්ට ඇති සමහරක් චෝදනා වලට පිළිතුරක් ලෙස බ්ලොගක් ලියන බවයි. නමුත් බ්ලොගයේ අනිකුත් ලිපි කියවන විට හා ඇගේ පොත කියවන විට මේ අදහස දෙකම ප්‍රශ්නාර්ථයකට ලක් කිරීමට අපට සිදු වේ. මෙහිදී මේ පොත ගැන කිසිවක් ලිවීම පවා බිම් බෝම්බ මැදින් ගමන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය එරෙහිව කරන ලද යුද්ධය විමුක්ති අරගලයක් ලෙසට සලකන රෝහිත භාෂණ අබේවර්ධන ජේඩිඑස් වෙබ් අඩියේ සමකයට ලියන ලද ලිපියක් මෙසේ අවසන් කරයි. "ඒ සා දුක් දොම්නසින් වැසුණු ඝෝර ඉරණම් නොතකා, තල් හකුරු සහ පිච්ච මල් ගැන ගොහොදු සිංහලෙන් ලියැවෙන පෙදෙහි රස හව් විඳ දෙමළුන් නිවී සැනහෙනු ඇතැයි සිතීම ද ඊට නොදෙවෙනි ප‍්‍රචණ්ඩත්වයකි". ඔහු එසේම තවමත් දෙමල තරුණයන් ගැනීම් හා දෙමළ ජනතාවට හිංසා කිරීම සිදුවන බව පවසයි.

රෝහිත භාෂණ ගේ අදහසට කෙලින්ම ප්‍රතිවිරුද්ධ මතය නාමල් උඩතලමත්ත විසින් මේ පොතේ අග ඇති ප්‍රතිචාර කොටසේ ලියා තිබේ. "ඒ මිනිස්සුන්ට ඕන මේ රටේ පපල්ල හැලිච්ච මාක්ස්වාදීන් ගේ වලව්කාරයින්ගේ ලිබරල්කාරයින්ගේ අනුකම්පාව නෙමේ. ආදරය කරුණාව ගෞරවය, සහෝදරත්වය." එසේම වෙනත් තැනක ඔහු මෙසේද ලියයි. "අද මේ රටට අවශ්‍ය 13 හරි පළාත් සභා හරි නෙමේ. "

මා බිම් බෝම්බ යයි කිව්වේ මේ අන්ත දෙකටය. ඔය අන්ත දෙක මැදින් සුක්කානම හැසිරවීම හරිම අමාරුය. එක අන්තයකින් දෙමළ ජනතාව ඉල්ලන්නේ ස්වයං නිර්ණන අයිතිය කියන අතර එසේ ලබා දුන් විට දකුණේ සමාජවාදය පිහිටවීම කජු කන්නාක් මෙන් ලෙහෙසි වනු ඇති බවට මතයකි. අනිත් අන්තයෙන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය සිංහලයන් ගේ අනුකම්පාව බවයි. ඒ අනුකම්පාව හා කරුණාව මිස බලය බෙදීමකින් කිසිවක් නොවිසඳේ යන්න ඔවුන් ගේ මතයයි. දැන් බෝදිනී තම සුක්කානම හසුරුවන්නේ මේ දෙකම සිහි තබා ගෙන යයි මට සිතෙයි.

ඉහත කී අදහස් දෙකටම හරියන විධිහේ පිළිතුරක් බෝධිනී මුලින්ම දෙයි. ඒ ඇය විසින් ඇගේ රැකියාව වඩා පහසු වීම සඳහා දෙමළ භාෂාව ඉගෙන ගැනීමයි. දකුණේ සිංහල ජනතාවට දෙමළ ඉගැන්වීම අනිවාර්ය කිරීමට මා එකඟ නැත. පාසලේ විෂයක් ලෙස තිබුනාට කමක් නැත. මා සිතන්නේ කැමති අයට පමණක් දෙමළ ඉගෙන ගැනීමට ඉඩ දිය යුතු බවයි.නමුත් දෙමල කතා කරන කඳු කරයේ, උතුරේ හෝ නැගෙනහිර සේවයට යන රජයේ සේවකයන්ට පමණක් දෙමළ අනිවාර්ය කල යුතුය. එසේ කලයුතු වන්නේ, නැත්නම් එහි සිටින ජනතාව හා රජය සම්බන්ධ කටයුතු වලදී අපහසුතා ඇති වන බැවිනි. වෙළඳපල ප්‍රමුඛව ඇති සමාජයක මේ භාෂාව ඉගෙන ගැනීම ඉබේ සිදු වනු ඇත. ඒ ධනවාදී සමාජයක ලාභ ගැනීමේදී එය වඩා හොඳ ක්‍රමය සොයන බැවිනි. දෙමළ දන්නා සේවකයන්/වෘත්තිකයන් වඩා හොඳින් භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම කරන්නේ නම් එය සමාගමක රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් වනු ඇත. එය පවතින ආර්ථිකය හෙවත් "ලාභය" මත රැඳී තිබේ.

බෝධිනී සමරතුංග රැකියාව කරන මුල් මාස කිහිපයේ දෙමල භාෂාව උගනියි. ඒ හරහා තමන් සේවය කරන බහුතරයක් දෙමල ජනතාව වෙත හදවතින් සමීප වෙයි. එසේ සමීප වන ඈ ඔවුන්ගේ සිත් දිනා ගැනීමට අමතරව ඔවුන්ගේ "අම්මා" කෙනෙකු බවටද පත්වෙයි. සමහරෙකුට මේ නිහතමානී වෛද්‍යවරිය ඩොක්ටර් අක්කා ය. මේ ඇගේ සටහන් අනුව මා අවබෝධ කරගත් අන්දමයි. ඇය ඇගේ සිංහල ජාතිය හා එහි අසීමිත කරුණාව ගැන බොහෝ දේ කියයි. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඇගේ භාවිතාවයි. දෙමළ ජනතාව වෙනුවෙන් කටින් බතල හිටවන බොහෝ දෙනාට වඩා, සමහරවිට දෙමල ඩයස්පෝරාවටත් වඩා මානුෂිකත්වයක්, ඒ පිඩනයට පත්වුණු ජනතාවට ප්‍රගතිශිලිව සේවය කරන රජයේ වෛද්‍යවරියක් වන ඇය තුලින් මතුවෙයි.

මා තුල මතුවන ප්‍රශ්නය නම් මේ රෝහිත භාෂණ පවසන ප්‍රචණ්ඩත්වය ද යන්නයි. සිංහලයන්ගේ කරුණාවන්තකම ගැන සඳහන් කිරීම වරදක්ද? යුදයෙන් බැට කෑ පිඩිත තත්වයට පත්වුණු ජන කොටසකට ඇය යම් බලාපොරොත්තුවක් හා සහනයක් ගෙන එයි. එසේම ඇයට මේ බ්ලොගය ලියන්නට වන්නේද හමුදා පාලනයක් සහිත පෙදෙසක සිටයි. ඕනෑම හමුදා පාලනයකදී තමන් ලියන කියන ඕනෑම දෙයක් ගැන දෙවරක් සිතන්නට සිදු වේ. ඒ දෙවරක් සිතීම මේ පොතේ බොහෝ පිටු හරහා අපට දකින්නට හැකිය. එසේම කාසියේ අනිත් පැත්තේ සිටින අයගෙන් ද අප ප්‍රශ්නයක් ඇසිය යුතුවේ.

තවමත් නිකරුනේ සිර ගත කෙරීම් කෙරෙනවා නම්, පළාතකට නොගැලපෙන ලෙස විශාල යුද භටයන් සංඛ්‍යාවක් තවමත් සිටිනවා නම් එයද ප්‍රශ්නයක් නොවේද? දෙමළ වැසියන් ඉල්ලන්නේ සිංහලයන්ගේ අනුකම්පාව නොවේ. ඔවුන්ට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සිංහලයන් විසින් දිය යුතු දෙයක් නොව එය ශ්‍රී ලංකාවේම ඉපදුන ඔවුනට සිංහලයන්ට මෙන්ම ඇති අයිතියකි. ඔවුන් සටන් කළේද කරන්නේද ඒ සඳහාය. එය ප්‍රචණ්ඩත්වයට හරවා එම සටන මගදී උදුරා ගත්තේ එල්ටීටීඊ සංවිධානයයි. ඔවුහු තමන් විමුක්තිය දෙන්නට පොරොන්දු වී සිටි ජනතාවටද එකසේ කුරිරු වුන් අවස්ථා රාශියක් විය. ලන්ඩනයේ සාමාන්‍ය වෙළඳාමක් හිමි දෙමළ ව්‍යාපාරිකයකු වරක් ශෝකයෙන් මට පැවසුවේ තමන් ගේ දියණියට හා පුතාට පාවහන් ගැනීමට තිබෙන මුදලත් ඔවුන් බලෙන් ගත් බවයි. ඔහුගේ ලාභය ගණනය කර ඉන් කොටසක් රැගෙන යාම පමණක් නොව සමහර විට ඔහුගේ මෝට්ගේජ් කර ඇති නිවස තවත් උගස් කර පවා මුදල් රැගෙන දිය යුතුව තිබිණි. ඒ ණය බරින් ඔහු පීඩිතව සිටියේය.

බෝධිනී දකුණේද සේවය කරනු ඇත්තේ ය මේ උතුරට පෙන්වන කරුණාවන්ත හදවතින්ම බව මගේ හැඟීමයි. කොටි සංවිධානය හෝ ශ්‍රී ලංකා හමුදාව ෂෙල් වෙඩි දැමුවේ නැත කියා දෙගොල්ලම ප්‍රතික්ෂේප කරනු ඒ දවස් වල පුවත් පත් වල කියෙව්වෙමු. නමුත් 20 පිටුවේ මිඩ් වයිෆ් කෙනෙකුගේ හිසේ ෂෙල් කැබැල්ලක්ය. දරු ප්‍රසුතියකට පැමිණි නිතර ෆිට් එක සැදෙන දෙමළ මවකගේ හිසේද ෂෙල් වෙඩිය. මේ ෂෙල් වෙඩි කැබලිද බෝම්බ කැබලිද කියා ඔවුන් දන්නවාද? මේ රෝගීන් හමුව සොයා බලය හැකිද? රජයහා කොටි සංවිධානය ප්‍රතික්ෂේප කළ ෂෙල් වෙඩි කතාව සත්‍යයක්ද? විසි තුන්වන පිටුවේ ඈ ලියන්නේ "ද්‍රවිඩ වෙළෙන්දා කීවේ එකම දෙයක් බවයි. අපිට යුද්ධේ ඉවර කරල දෙන්න කියලා" මෙය මදක් අදහා ගත නොහැකි කතාවකි. ඔවුන් යුද්ධය ඉවර කර දෙන්නට ඉල්ලුවේ ලංකා රජයෙන්ද? නැත්නම් ප්‍රභාකරන් ගෙන්ද?

කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අසුවී ළමා සොල්දාදුවෙකු වුනු තම සොහොයුරා ගැන කතක් හඬයි. මෙහිදී "අපේ හමුදා " ඒ කියන්නේ සිංහල බෝධිනිගේ සිංහල අපේ හමුදා ඒ කුරිරු වකවානුව හමාර කොටය නිදහස ලබා දුන් නිසා අද ඇයටත් ජිවත් වීමේ භාග්‍යය හිමි වී තිබේ යන්නද? . නැත්නම් ඇය මැරෙන්නේ කෙසේද? බෝධිනී? හමුදාව අතින්ද? ත්‍රස්තවාදීන් අතින්ද?

ත්‍රස්තවාදීන් ගෙන් නිදහස ලැබී අද ඔවුන් නැවත සිංහල ග්‍රහණය යටතේ සිටින සෙයක් පෙන්නුම් නොකරන්නේද? මට හිතෙන්නේ මෙය ලිවිය යුතුව තිබුනේ වෙනස් ආකාරයටය.

කොටි සංවිධානය විසින් ළමුන් පැහැරගත් බව ඇත්තය. ශ්‍රී ලංකා හමුදාව විසින් එය අවසන් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාව සිංහලයන් ගේ මෙන්ම දෙමල හා මුස්ලිමුන් ගේ හමුදාවද වෙයි. තමන්ගේ ළමයි හොඳින් බටහිර ඉගෙන ගනිද්දී දෙමල ඩයස්පෝරාවේ ආධාරයෙන් යුද්ධය ගෙනි ගිය කොටි සංවිධානය දුප්පතුන් ගේ ළමයි පැහැර ගත්තේ අනිත් දෙමල ජනතාවගේ විමුක්තිය උදා කරන්නටය. නමුත් පියවර දෙකක් පස්සට යනවා වෙනුවට ඔවුන් මරාගෙන මැරුනහ. අවසානයේදී කිසිවකුට විමුක්තිය උදාවුයේ නැත. බෝම්බ වලට බියේ වාහන තුන හතරකින් පවුලේ උදවිය වෙන වෙන්ව ගමන් කල සිංහල ජනතාව සැනසුම් සුසුමක් හෙලු බව ඇත්තය. නමුත් ඒ බොහෝ මල කඳන් මතින් බවද ඇත්තය.

නර්ස් මිස්ලා , මිඩ් වයිෆ් මිස්ල හා විශේෂඥ වෙද තුමන් ලා මේ පොතේ හැම තැනම සිටිති. ඔවුන් හෙදි සොයුරියන්, හෙදියන්, මිඩ් වයිෆ් ල හෝ සාත්තු සේවිකාවන් හා විශේෂඥ වෛද්‍ය වරු නොවන්නේ මන්ද? සමහර විට පැජරෝ රථය පෙරලි රෝහලට පැමිණ (පිටුව 61) ආඩම්බරයෙන් තර්ජනය කල අයගේ මහා මානය වැන්නක් නිසාමද?

දෙමල ඉගෙනීමට අමතරව බෝධිනී මහසෝනා හා ප්‍රේත දිෂ්ටි වැදී දඟලන මානසික රෝගීන් ගැනද කතා කරයි. මෙහිදී ද ඇය ඉතාම ප්‍රගතිශීලි බවක් පෙන්වයි. (පිටු 63-67) බයිසිකලයකින් රැකියාවට යෑමෙන් ද ඇය එය සනාථ කරන්නීය. ඇගේ බයිසිකල් පාවිච්චිය මට මතක් කරවන්නේ ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ ආදී රටවල බයිසිකලයේ නැගී යන රජයේ නිලධාරීන් , වයිද්යවරුන්, නීතිඥයන්, දේශපාලනඥයන් ආදීන් ගැනය. ජෙරෙමි කෝබින් ද පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලයෙනි.

ස්ටෙතස්කෝපය අතේ දවටාගෙන සුදු කබාය හැඳගෙන පාරේ ඇවිදින් වෙද සිසුන් ගැන යන්තමට සරදමක්ද එල්ල කරයි. ඒ ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇති තත්වය හිසේ රැස් වළල්ලට ආරුඪ කර ගැනීම බව අප දනිමු. ඇත්තටම වෛද්‍ය වෘත්තීය යනු සම්භාවනීය එකකි. ඔවුන් බේරන්නේ ජීවිතය. බොහෝ විට හරි හැටි විවේකයක් පවා නොලබයි. රාත්‍රී යාමයන්හි බිරිඳ ගේ හෝ සැමියාගේ තුරුල්ලේ පහසුවෙන් නිදා ගැනීම වෙනුවට රෝහලේ වෙහෙසෙන්නේ ඔවුන්ය. කනිෂ්ඨ දොස්තරවරු වැඩ අධික කම නිසාම මේ දිනවල එංගලන්තයේ වර්ජන කරති. නමුත් ඒ සියලු වැඩ අතර හවසට පෞද්ගලික රෝහලක සේවය කිරීමට යන කොටසක්ද සිටිති. (ලංකාවේ) ඔවුන් කරන්නේ ද මුදලට හෝ සේවයකි යයි සිතමු නමුත් අය කරන මුදල සමහර විට සෞඛ්‍ය රක්ෂණයක් නැත්නම් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන තරම්ය.

අනවශ්‍ය ලෙස කරන වර්ජනයන්ට තමන් එතරම් කැමැත්තක් නොදක්වන බව බෝධිනී පවසන්නීය. ඒ ලෙඩුන්ගේ ජිවිත ඇත්තේ තමන් අතේ යයි ඈ සිතන බැවිනි . මුළු වෛද්‍ය සංගමයම මෙසේ සිතනවා නම් කොපමණ අගේද? පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් ඇඳුම් ආදී දේ ගෙන්වාගෙන රෝහලේ සිටින දිලිනු රෝගීන්ට හා දරුවන්ට ඇඳුම පැළඳුම් ආදී දේ ලබා දෙන්නට තරම් කාරුණික හදවත් ඇත්තෝ ඇය රැකියා කල රෝහලේ සිටිති. පත්තර වලින්, සමාජයෙන් බොහෝ විට විවේචනය වන හෙදියන් හා වෛද්‍යවරුන් සිටින රටක මේ තොරතුරු දැක්වීම ඉතා යහපත් වන්නේ හැම දෙයක්ම සුදු හා කළු වශයෙන් සිතන මිනිසන් බොහොමයක් ඇති බැවිනි. විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරගෙන කරන බොරු ෂෝක් විවාහ උත්සව වෙනුවට ඒ මුදල් මෙවැනි අසරණයන් වෙනුවෙන් යෙදෙව්වා නම් හොඳ නොවේ දැයි ඇය විමසන්නිය.

ඉතින් මෙවන් ප්‍රගතිශීලි වෛද්‍යවරියක්, කරුණාවන්ත හදවතක් හිමිව ඇත්තේ සමහර විට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක දුකසේ අකුරු කල, අරගල කල, වෛද්‍ය ශිෂ්‍යාවක විය හැකි යයි ඔබට සිතෙනු ඇත. නැත. ඇය වෛද්‍ය උපාධිය නිම කර ඇත්තේ පිටරට විශ්ව විද්යාලයකය. තමන්ගේ මුදලින්ය. නිදහස් අධ්‍යාපනය ලබා ඇත්තේ අපොස උසස් පෙළ දක්වා පමණි. නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් ඇතිව වෙනත් සහයක් නොමැතිව ඇය ශල්‍යකර්ම පවා කර තිබේ. විදුලිය නැති අවස්ථා වල විදුලි පන්දම් හෝ මොබයිල් දුරකතනයක එළියෙන් වැඩ කර තිබේ.

මට එකඟ විය හැකි තැන් මෙන්ම එකඟ විය නොහැකි තැන්ද තිබුනද මෙවන් අත්දැකීම් ගැන ලියවිය යුතුමය. අපේම සහෝදර ජනතාවක් ගැන අප දන්නේ අඩුවෙනි. ශ්‍රී ලංකා හමුදාව ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මවල්ය. එය තමන් සිටින දේශපාලන කඳවුර අනුව පවා වෙනස් විය හැකිය. නමුත් දෙමළ කතා කරන සිංහල වෛද්‍යවරියක ගෙන් හොඳ ආරම්භයක් ලැබී තිබේ. මේ පොත දෙමළ භාෂාවට හා ඉංග්රිසියටද පරිවර්තනය වන්නේ නම් හොඳ යයි සිතේ.

 ප.ලි. අනිත් කොන බ්ලොග් අඩවිය

119 comments:

  1. මගේ ඉල්ලීමක් පරිදි ඩොක්ට බෝධිනීගේ බ්ලොග් එකේ කොපි කිරීමේ පහසුකම දැන් තියෙනවා... නෙළුම් යායට පුළුවන් ඇගේ සටහන් එකතු කරගන්න...

    ReplyDelete
    Replies
    1. මම දැක්කා . එකක එකතු කලා. ස්තූතියි.

      Delete
  2. ජාලයේ කවි ලියන්නට පටන් ගත් 2005 පමණ කාලයේ සිට මා බෝධීනීව දැන සිටියා. පසුව අනිත් කොණ කියවන්නට පටන් ගත්තත් මේ ලියන්නේ ඇය බව දැණගෙන හිටියේ නෑ සෑහෙන කාලයක් යනතුරු.

    ඇත්තටම මා මුලින් සිතුවේ ඒ රෝහල් කතා ලියන්නේ දොස්තරියක නොව දොස්තරෙකු බවයි.

    බ්ලොග්වලට පෙර කාලයේ ක්‍රියාත්මක වුණු මොකක් දෝ සිංහල සංවිධානයකට බෝධිනී ගේ සම්බන්ධයක් තිබුණා වගේ මතකයි. පිටරට සිටින සමහර අයට ඒ රට ජාතිය ගැන උණ හැදෙනවා බොහෝ විට. බේරෙන්නේ කොටසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බෝධිනී සිටින්නේ ලංකාවේය. පිටරට සිටින අයගේ රට ජාතිය පිලිබඳ උණ ලංකාවේ සිටින අයට වඩා අවදිය. ඕස්ට්‍රේලියාවේ ස්පර් සංවිධානයට මමද සෑහෙන කාලයකට කලින් ආධාරයක් කර තිබේ.

      Delete
    2. රසික සූරියාරච්චි > කරුණාකර ඔබ නොදන්නා කරුණු /අසත්‍ය කරුනු ලියන්න එපා... මා කිසිඳු සංවිධානයකට සම්බන්ද වී නැත. ඔබ මගේ පුද්ගලික මිතුරෙක් හෝ නොවේ. එනිසා මා ගැන වෙනුවට පොත ගැන කතා කරන්න. මා එහි දේශපාලනය හෝ මගේ මතය සම්මත කරන්නට ගියේ නැත. එනිසා අජිත් මහතා බලෙන් දේශපාලනයක් මෙයට ඈඳා ගත්තාට මට කරන්නට දෙයක් නැත. රෝහලක් වටා ඇතිවූ ක්‍රියාදාමය පෙන්වා දුන් පශ්චාත් යුධ සමයේ කතා පමණි.

      Delete
    3. //බ්ලොග්වලට පෙර කාලයේ ක්‍රියාත්මක වුණු මොකක් දෝ සිංහල සංවිධානයකට බෝධිනී ගේ සම්බන්ධයක් තිබුණා වගේ මතකයි. පිටරට සිටින සමහර අයට ඒ රට ජාතිය ගැන උණ හැදෙනවා බොහෝ විට. බේරෙන්නේ කොටසක් විතරයි.// rasika ඒ ඔබේ මතයයි... මා ඔබව පුද්ගලිකව නොහඳුනන නමුත් ඔබේ බ්ලොග් ක්‍රියාකාරකම් හඳුනමි. මා කිසිදු සංවිධානයකට සම්බන්ධවී සිටියේ නැත... ද්‍රවිඩ සංවිධානයකට නම් සම්බන්ධ වුනේ අනිත් කොනේ දී ය. ඒද රෝගීන් උදෙසා පිහිට වූ රාජ්‍ය නොවන සංවිධානයකටය සිංහලයෙක්ට එහි සිටියේ මා පමණි. රට ජාතිය ගැන උණ හැදී ඇතැයි සිතෙන්නේ එය ගැන කියවන ඔබ වැන්නවුන්ට යැයි සිතේ. මට නම් ඇත්තේ මනුෂ්‍යන් ගැන දුකකි. මගේ ජාතිය සහ ආගම වන්නේ මනුස්සකම/කරුණාව බව මා උගෙන ඇත. ඔබ එසේ නොවන බව දනිමි.

      Delete
    4. මම හිතන්නේ මා මෙහි කියන්නට යත්න දරන්නේ බෝධිනී අන්ත දෙකක් තුල පොත ලියා ඇති බව පමණි. ඇයට එසේ රට ජාතිය උණක් නොමැති බවත් ඇය දෙමල භාෂාව හදාරා එම රෝගින්ටප්‍රතිකර කරන බවත් දෙතනකම කියා තිබේ. ජාතිවාදියෙක් එවැන්නක් කරන්නේ නැත.

      Delete
    5. බෝදිනී ඔබට අවශ්‍ය නම් මම මේ ලිපිය බ්ලොගයෙන් ඉවත් කරන්නම්. ඔබ හඳුනා ගත් දින පටන් හොඳ බ්ලොග් කාරිනියක හා කරුණාවන්ත වෛද්‍යවරියක වශයන් ම තුල ඇත්තේ පහන් හැඟීමකි. නමුත් මෙය ලියන්නට මා පොත් දෙවරක් කියවා නොයෙකුත් වැඩ මධ්‍යයේ දවස් කීපයක් ගත කෙළෙමි. මේ මා පොත දුටු හැටිය. අවශ්‍ය නම් මටත් දොස්තර නංගී , ගරු දොස්තර තුමියනි ඔබේ පොත මාරයි කියා ලිවිය හැකිව තිබුණි. එසේ නම් මා එය කියවීමට ගත කල කාලයද නොවැදගත් වනු ඇත . ඔබ ප්‍රගතිශීලි පුද්ගලයෙකු බව දෙතුන් තැනකම කියා ඇත්තෙමි. ඔබේ සමහර අදහස් වර්තමානයේ ශ්‍රී ලංකා සමාජයේ දකුණේ අදහස් හා සමපාත වේ. එය ඔබගේ වැරැද්දක් නොව ඒ ඔබට කියා ඇති අන්දම නිසාය.

      Delete
    6. නෑ අයියා මේ විචාරය වැදගත්... ප්‍රශංසා නුහුරු රෝහල් ජීවිතයෙන් අප උගත් පාඩම් වැඩිය. ගල්මල් දෙකම වැදගත් පොතකට... ඔබ ඒ ප්‍රදේශ වල තිබූ..දේශපාලනය හුවා දැක්වූවා පමණය. ඇතැමුන් පොත නොකියවා පුද්ගලයා කියවන්නට සැරසෙයි.. කළකිරීමක් ඇතිවුනේ රසික සූරියාරච්චි නමැති පුද්ගලයාගේ කමෙන්ටුවටය !

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
  3. ///පළාතකට නොගැලපෙන ලෙස විශාල යුද භටයන් සංඛ්‍යාවක් තවමත් සිටිනවා නම් එයද ප්‍රශ්නයක් නොවේද? ///
    මේක ප්‍රශ්ණ කරනවනම් මුලින්ම ආමි එක වැඩියි කියල උඩ පනින්න ඕනේ බස්නාහිර පළාතේ ජනතාව...
    රටක ආමි එක ඒ රටේ තැන් තැන් වල ඉන්න එක රටේ ජනතාවට ගැටළුවක් වෙන්නේ කොහොමද. ආමි එකෙන් අනවශ්‍ය ගැටළුවක් වෙනවනම් ඒක වෙනම විසඳිය යුතු තත්ත්වයක්...
    එහෙම කිසිම දෙයක් වාර්තා නොවී තියෙද්දී මේ සිතුවිල්ල විහිළුවක්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා අපි දත්ත හොයමුද? බසිනහිර පළාතේ කොපමණ ජනගහනයක් සිටිනවාද ? බස්නාහිර පළාතේ හම්ද කඳවුරු කීයද? ඉන්පසු ජනටහ්වගේ ගණනින් හැමද කඳවුරු ගාන බෙදන්න? උත්රේද එසේ කරමු. යුද්ධය තිබියදී එය ප්‍රශ්නයක් නොවේ. යුද කිරීමට එය අවශ්‍යය. යුද්ධයෙන් පසු strategic ස්ථාන වල හැර අන් තැන්වල අවශ්‍ය නැත. සමහර විට මිනිසුන් කියවන්නේ තමන්ට අවශ්ය් දෑ පමණි. මේවා ඒ පැත්තේ ජනටහ්වට ගැටලුවක් ඇතිවී බවට වාර්තා කොපමණ තිබියදී කිර්ති වර්ණකුලසුරිය ගේ වාර්තා පමණක් කියවනවා නම් ඔබ නොදැන සිටීම සාධාරණය. මින් කියන්නේ හමුදාව නරක යයි නොවේ. බොහෝ නිලධාරීන් කරුණාවෙන් කටයුතු කරති. බෝධිනී ගේ පොතේ එය දැක්වේ. නමුත් එසේ නැති අවස්ථා ද තිබේ. සියල්ල සාමාන්‍ය තත්වයට ගෙන ඒමට නම් මිනිසුන්ට මදක් ජිවත් වීමට නිදහසද දිය යුතුය.

      Delete
    2. http://blog.crisisgroup.org/asia/2014/03/25/the-forever-war-military-control-in-sri-lankas-north/
      /Considering that the population of the northern province is 1,058,762, this yields a density of one army member for every 8.7 civilians, an extremely high ratio considering that hostilities ended almost five years ago.//

      Delete
    3. ඔය ලින්ක් එකේ පෝස්ට් එකක් නැහැ...

      යාපනේ මන්නාරම සහ ඒ අවට මුහුදු ප්‍රදේශ වල හමුදා කඳවුරු තිබීම අනිවාර්යයි. එහෙ ඉන්න මිනිස්සු ගාන ගැන හිතල කෑම්ප් දැම්මොත් එහෙම ඉන්දියාව හරහා අපිට මොන වගේ දේ ලැබෙයිද කියල හිතා ගන්නවත් බැරි වෙයි...

      ///සියල්ල සාමාන්‍ය තත්වයට ගෙන ඒමට නම් මිනිසුන්ට මදක් ජිවත් වීමට නිදහසද දිය යුතුය.///
      එහේ මිනිස්සුන්ට තියෙන නිදහසේ ඔය හිතාගෙන ඉන්න තරමේ ගැටළුවක් තියෙනවනම් තියෙන්නේ එහෙම ගැටළු තියෙන බව පෙන්නන්න උවමනා මිනිස්සු බොරුවට උළුප්පන ගැටළු හරහා කියලයි මගේ අදහස...

      ඔය කියන තරම් වැඩි හමුදා කඳවුරු ප්‍රමාණයක් එහේ තියෙද්දිත්, ඔවුන් නිදහසක් නැතුව එහෙ ජීවත් වෙන බව කිව්වත්, ඔවුන්ගේ නිදහසේ හැටි අපි දැන් දවස් කීපයක් තුළ දැක්කා දකුණෙන් ගිය බස් තුනක කුඩු වෙච්ච වීදුරු හරහා...

      ඔයා ඔහේ ඉඳගෙන ආමි කෑම්ප් අහක් කරලා ඒ මිනිස්සුන්ට තවත් නිදහස දෙන එක හොඳයි කියල කිව්වට, වැඩියි කියන තරමේ ආමි කෑම්ප් තියෙද්දිත් දැන් ආපහු යාපනේ පැත්තේ යන්න මගේ හිතේනම් චකිතයක් තියෙනවා...
      අනික එහෙ ප්‍රදේශය විශාල නිසා ආරක්ෂාවට කඳවුරු ඉඳි කරන්න වෙන්නේ වපසරිය සළකලා මිසක් ඔළු ගෙඩි ගැනලා නෙමෙයි...
      මිනිස්සුන්ගේ ගැටළු බලන්න ඉන්න පොලිසියනම් ඔළුගෙඩි ගාන අනුව දාන එකේ ගැටළුවක් නැහැ...

      අපේ සයිට් වල දැන් වැඩිපුර ඉන්නේ ඒ පැතිවල කොල්ලෝ, උන් දැන් කොළඹ ඇවිත් වැඩ කරලා හොඳට හම්බ කරනවා...
      යාපනේය, දෙමළය කියල කවුරුවත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්න දාන්නේ සහ වෙනසක් කරන්නේ නැහැ...

      Delete
    4. මෙන්න පොස්ට් එකේ කොටසක් -ඔක්කොම දාන්න ඉඩ නැහැ. මොකද්ද ඔයා බැලුවේ?:
      The heavy militarisation of Sri Lanka’s northern province after the civil war’s bloody end in 2009 has been the subject of growing domestic and international concern. The large numbers of military personnel in the north, and the deep involvement of the military in the province’s governance, endanger the re-establishment of democratic institutions that is necessary to lasting peace (see our Nov 2013 report Sri Lanka’s Potemkin Peace: Democracy Under Fire).

      Faced with international demands – including from the UN Human Rights Council (UNHRC) – to “demilitarise” the north, the government of Sri Lanka (GoSL) claims it has significantly reduced troops levels. It also says the civilian administration is fully functional and that “the involvement of security forces in resettlement and reconstruction activities … is being gradually phased out.”

      This narrative is largely fictional. Best estimates based on available public information indicate the number of military personnel in the north remains extraordinarily high. Evidence from the military’s own publicity about its forces in Kilinochchi and Mullaitivu districts reveals its deep involvement in civil affairs and administration, with the stated objective of“controlling and monitoring” the civilian population.

      Delete
    5. http://blog.crisisgroup.org/asia/2014/03/25/the-forever-war-military-control-in-sri-lankas-north/

      Delete
    6. යපනේය දෙමළය කියල කවුරුත් ඒ මිනිස්සුන්ට ප්ප්‍රශ්න දාන්නේ නැති බව මම පිලි ගන්නවා. ඒක හුඟක් හොඳයි.
      /යාපනේ මන්නාරම සහ ඒ අවට මුහුදු ප්‍රදේශ වල හමුදා කඳවුරු තිබීම අනිවාර්යයි. එහෙ ඉන්න මිනිස්සු ගාන ගැන හිතල කෑම්ප් දැම්මොත් එහෙම ඉන්දියාව හරහා අපිට මොන වගේ දේ ලැබෙයිද කියල හිතා ගන්නවත් බැරි වෙයි// නාවික හමුදාව තියෙනෙන් මොකටද? මේ කතා කරන්න පාබල හමුදාව ගැන පමණයි. කවුරුත් කියන්නේ නැහැ නාවික හමුදා කඳවුරු අයින් කරන්න කියල. යාපනය මන්නාරම හා ත්‍රිකුණාමලය වටේ ඇති විශාල ගනනක් තියනවා. දකුණෙන ගිය බස් කුඩු කරලා කියන හේතුව මොකද කියල හරියටම දන්නවද? එතන තියෙන්නේ ජතිවදයක්ද? වෙන මොකක් හරි හේතුවක්ද? අනික දෙමල අයගේ ජාතිවාදය නැහැයි කියල මම කියල නැහැ. ඔවුන් හමුදාට කැමැති බවත් කරුණාවන්ත කම අගයන බවත් බෝධිනී ගේ පොතේ පවා කියා තිබෙනවා. එසේම තමලිනි මැරෙන්නට කලින් සිංහලයන් මේතරම් කරුණාවන්ත යයි දැන සිටියේ නැහැයි කියා තිබෙනවා පිලික රෝහලේදී.

      Delete
    7. /ඔයා ඔහේ ඉඳගෙන ආමි කෑම්ප් අහක් කරලා ඒ මිනිස්සුන්ට තවත් නිදහස දෙන එක හොඳයි කියල කිව්වට// මම පිටරට ඉඳගෙන ලංකාව ගැන කතා කරනවයි කියල අර ඇනෝ කෙනෙකුත් බනිනවා. ලොකුපුතා මේක හරි ජාතිවාදී කතාවක්. එහෙම නම් අපිට ඔය මොකුත් කරනන් බැහැ පිට රට හිටියයි කියල. අපේ ගෙවල් වලට සල්ලි එවන්නත් බැහැ. ඔය දන්නවද මම රාගම කොමාන්ඩෝ රෙජිමන්ට් එකටත් ආධාර වගයක් එව්වා කියල.

      Delete
    8. යුද්ධය අවසන් කල එක හොඳයි. මිනිස්සු කොට්ටාශ දෙකකට නිදහස ලැබුන කියමු. දැන් එතනින් එහාට යන්න ඕනේ නේද? ඒ මිනිස්සු අපාට් තව දුරටත් බනින්නේ නැහැ කියල බෝධිනිගේ පොතෙන්ම පේනවා. එකෙක් දෙන්නෙක් කුලවාදියෙක් ඉන්න පුළුවන්. ඒක දකුණේත් එහෙමනෙ. සුද්දෝ ඉන්නේ නාසිවාදී. එක හැම රටකම තියනවා.

      Delete
    9. ඔයා මේ ලින්ක් දාන වෙබ් එක මට ඕපන් වෙන්නේ නැහැ...
      ලංකාවේ තහනම් එකක්ද දන්නේ නැහැ... ;)

      අජිත් අයියේ ලංකාවේ ඉඳගෙන පණ බයේ බස් වල වල කොච්චි වල ගිය අතීතයක් තිබ්බ අපිට ඒ බය දැනෙනවා වැඩිපුර, ඒ බයට කෙළින්ම මැදිහත් නොවී වැඩි කාලයක් පිට රටක ඉන්න අයට වඩා...
      ඒකයි මගේ අදහස, ඒකයි මම කිව්වේ මේ දවස් කීපය තුළ වෙච්ච සිද්ධි එක්ක මමනම් ආපහු ගෙදර මිනිස්සු එක යාපනේ වගේ පැත්තක යද්දී දෙපාරක් හිතනවා කියන එක...

      ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියන කතාව අහල නැද්ද...
      ඒකයි සිංහල බහුතරයක් ඒ පැතිවල හමුදා කඳවුරු තියෙනවට කැමති...
      මොකද කලිනුත් එහෙන් පටන් ගත්තු එක තමා මෙහෙට ආවේ...
      අන්න එතනදියි ලංකාවේ ජිවත් වෙන සහ පිට රට ජිවත් වන කියන කුලක දෙකක් එන්නේ...
      ඒක ජාතිවාදී කතාවක් නෙමෙයි පීඩිතයා ඉන්නේ කුමන මට්ටමකද කියන එක සම්බන්ධ කතාවක්...


      ඒ මිනිස්සු අපිට බනින්නේ නැත්නම් ලංකාව කියන රට එක්ක ගැටළුවකුත් නැත්නම් කෑම්ප් තියෙන එක ඔවුන්ට ගැටළුවක් වෙන්නේ කොහොමද...
      ඔවුන්ගේ ඉඩකඩම් අරගෙන කෑම්ප් ගහලනම් ඒවා ආපහු ලබා දෙන්න පුළුවන් (ගොඩක් ආපහු දුන්නත් එක්ක)...
      මිනිස්සුන්ට හමුදාවෙන් ගැටළුවක් පීඩනයක් එල්ල වෙන්නේ නැත්නම්, රජයට අයත් ඉඩම් වල ආමි කෑම්ප් කීයක් තිබ්බත් ඔවුන්ට තියෙන අමාරුව මොකක්ද...

      ///Evidence from the military’s own publicity about its forces in Kilinochchi and Mullaitivu districts reveals its deep involvement in civil affairs and administration, with the stated objective of “controlling and monitoring” the civilian population.///

      ඒ පැතිවල අවුරුදු ගානක් තිස්සේ හිටියේ හමුදාව මිසක් සිවිල් සේවකයෝ නෙමෙයි. ඒ නිසා සිවිල් සේවකයින් එහේට එක පාර යවලා වැඩේ අනා ගන්නවට වඩා කෙලින්ම ඒ වැඩ හමුදාවෙන් කරන එක පහසුයි...
      ඒ වගේම යුද්දය ඉවර උනා කියලා එක පාර හැමදේම අත ඇරලා එන්න හමුදාවකට බැහැ...

      හමුදාව යුද්ධය දින්නට පස්සේ රජයට විරුද්ධව කැරලි ගහපු කොටස දිහා ඇහැ ගහගෙන ඉන්න වෙනවා. ඒක රටේ ආරක්ෂව සම්බන්ධ ප්‍රශ්නයක්...
      සිවිල් සේවයට වැඩි අත පෙවීමක් හරහා ඔවුන්ට ඒ වැඩ කොටස් දෙකම පහසු වෙනවා...

      Delete
    10. crisis group ලංකාවේ තහනම් ඇති. එම ආණ්ඩුව යටතේත් තහනම් කරනවා කියනන් ප්‍රශ්නයක් තමයි. සෑම අදහසක්ම මිනිස්සුන්ට කියවන්න දෙන්න ඕනේ කියල මම හිතන්නේ.
      මේ ටික කියෙව්වේ නැත්ද?
      //බෝම්බ වලට බියේ වාහන තුන හතරකින් පවුලේ උදවිය වෙන වෙන්ව ගමන් කල සිංහල ජනතාව සැනසුම් සුසුමක් හෙලු බව ඇත්තය. නමුත් ඒ බොහෝ මල කඳන් මතින් බවද ඇත්තය. //
      මගේ මල්ලිත් කොටුවේ සිය දිවි නසා ගන්නා බෝම්බෙට අහු වෙලා කකුල කඩා ගත්තා. ළඟ හිටිය ඔක්කොම මැරුණා. අක්කයි දුවයි යන්තම් බේරුනා.
      මල්ලි දැන් අවුරුදු නාමයක් යුද්දේ ඉවර වෙලා . සිවිල් කටයතු වලින් හමුදාව ගන්න ඕනේ. එහෙම නම් 71, හා 87-89 කාලේ පිහිටුවපු තාවකාලික කඳවුරු ඒ ඉක්මනින්ම ඉවත් කලේ ඇයි? මම කියන්නේ හැම කන්දවුරක්ම නෙමේ. මිනිස්සු ඉන්න වැඩි හරියෙන් අයින් කරලා නැති හරියේ ඒවා තියන්න කියල. රජයට විරුද්ධව කැරලි ගහපු කට්ටිය ගැන බලන්න බුද්ධි අංශ නිලධාරීන් කොපමණ ඉන්නවද? සිංහලයා ආක්‍රමණික හමුදාවක් හැටියට තිබෙන මනසකුත් තිබ්බ නේද?

      Delete
    11. ///crisis group ලංකාවේ තහනම් ඇති. එම ආණ්ඩුව යටතේත් තහනම් කරනවා කියනන් ප්‍රශ්නයක් තමයි. සෑම අදහසක්ම මිනිස්සුන්ට කියවන්න දෙන්න ඕනේ කියල මම හිතන්නේ.///

      මේ ආණ්ඩුව යටතේත් තහනම් කියන්නේ ඉතින් බඩුම තමයි...

      ///මල්ලි දැන් අවුරුදු නාමයක් යුද්දේ ඉවර වෙලා . සිවිල් කටයතු වලින් හමුදාව ගන්න ඕනේ.///
      යුද්දේ ඉවර වෙලා අවුරුදු හතයි නේද...
      මම කියන්නේ අද වෙනකල් හැම දේම හමුදාව කරන්න ඕනේ කියන එක නෙමෙයි...
      සිවිල් කටයුතු වලින් ඈත් උනත් හමුදා කඳවුරු ඉවත් කළයුතු නැති බවයි මගේ අදහස...

      ඔයා කොපි කරලා තිබ්බ වෙබ් එකේ තිබ්බ විදිහට යුද්දෙන් පස්සේ හමුදාව දැඩිව හැම දේටම හොට දැම්ම බව කියන එකටයි මම උත්තර දුන්නේ...
      එතැනදී කියල නැහැ ඒක සිද්ධ උනේ කවදා ඉඳන් කවදා දක්වාද කියන එක...
      මමනම් කියන්නේ ඒ අත පෙවීමේ කාල වකවානුව තීරණය කළ යුත්තේ බුද්ධි අංශ සහ ආරක්ෂණ අමාත්‍යංශය මගින් මිසක් වෙනත් කවුරුන් හෝ නෙමෙයි කියලා...
      හමුදාව එහෙන් ඉවත් කරනවානම් කරන්න ඕනේ උපක්‍රමිකව මිසක් දේශපාලනිකව නෙමෙයි, යුද්දේ ඉවර වෙලා අවුරුදු 7 ගිහින් අපි තාමත් කොටි බෝම්බ වලට බය එක ඇත්තනේ...
      ඒ වගේම කොටි මෙහෙ බෝම්බ පුපුරවන්න හේතු වෙච්ච කාරණය තාම ඉවර නැහැ, ඒක නොයෙකුත් මුහුණුවර සමග යලි යලිත් කරළියට එන බව පේනවනේ දැන් විපක්ෂ නායකයා ඇතුළු උතුරේ දේශපාළුවෝ ක්‍රියා කරන ආකාරයට...
      ඒ නිසා මොනිටරින් කියන එක උපරිමයෙන් තියෙන්න ඕනේ, එතැනදී බෝම්බ වලට බය සිංහලයා එහෙ හමුදා කෑම්ප් තිබීම අනුමත කරන එක අසාධාරණ නැති බවයි මගේ අදහස...

      Delete
    12. //හමුදාව එහෙන් ඉවත් කරනවානම් කරන්න ඕනේ උපක්‍රමිකව මිසක් දේශපාලනිකව නෙමෙයි// එකඟයි. මමත් කියන්නේ එහම කරනන් කියල. විපක්ෂ නායකයා දාන කොටම මම ලිව්වා එක කියෙව්වද? ඒක ගොනා කමක් කියල. මම කිවේ නියම විපක්ෂය කියන්නේ ආණ්ඩුවට එකතු නොඋන ශ්‍රී ලනිප මන්ත්‍රීවරු කියල්. විරවංශ දේශපාලනයට මම එකඟ නැති එක ඇත්ත. නමුත් නියම විපක්ෂය ඒ ගොල්ලෝ. සම්බන්ධන් නෙමෙයි. මේ ඉහල කුලයේ දෙමල දේශපාලනඥයන් කරන්නේ නැවත ජාතිවාදය ඇවිස්සීම. නැත්නම් උන්ට පැවැත්මක් නැහැ. අර හමුදා කනදවුරට පන්නෙත් ඒකයි බුරුවෙක් වගේ. ඒක ඇවිල්ල සෝබනයක්. මිනිසුන්ට පේන්න .
      මේක බලන්න. තහානම්ද දන්නේ නැහැ ලංකාවේ.
      http://sinhala.lankanewsweb.net/news/item/3768-2016-04-27-05-26-47

      Delete
    13. //////ඒ වගේම කොටි මෙහෙ බෝම්බ පුපුරවන්න හේතු වෙච්ච කාරණය තාම ඉවර නැහැ////////
      යුද්ධයෙන් පසු මේ ''හේතු වෙච්ච කාරණයට ප්‍රතිකර්ම දෙන්න රජය සමත් වූවාද කියන ප්‍රශ්නය ඉතිරිවෙනවා. පාළම් හැදුවේ සිමෙන්තියෙන් මිසක් සිතුවිලි වලින් නොවේ. යුද්ධයෙන් පසුත් සිංහල\බෞද්ධ ප්‍රදර්ශනාත්මක සංදර්ශන මිස මේ අවිශ්වාසය නැවත විශ්වාසයක් බවට ගොඩනගන මැදිහත්වීම් රජය පාර්ශවයෙන් සිදුවුනා මදි කියා තමයි හිතෙන්නේ.

      අනිත් එක මෙවැනි සිවිල් යුද්ධයන්ගෙන් පසුව ඒ සෙවනැලි කාලාන්තරයක් තිස්සේ පවතිනවා. ලෝකයේ මේ සෙවනැලි සහමුලින්ම නවත්වන්න බැහැ. තවමත් නාසි වන්දනාවේ යන අයත් නොයෙකුත් අන්තවාදි සෙවනැලිත් ඔය තාම එක එක අහුමුලුවල තියෙන්නේ.

      ////ඒ අත පෙවීමේ කාල වකවානුව තීරණය කළ යුත්තේ බුද්ධි අංශ සහ ආරක්ෂණ අමාත්‍යංශය මගින් මිසක් වෙනත් කවුරුන් හෝ නෙමෙයි කියලා...//////////

      සැබෑ බුද්ධිමත් හමුදා තීරනයකින් පසුව සිදුකල යුතු බව සහතික ඇත්ත. උතුර පිලිබඳ ඇත්ත දන්නේ උතුරේ ජනතාව සහ හමුදාව හැර වෙනත් අය නොවන බව නේද ප්‍රායෝගික සත්‍යය.

      Delete
    14. /////මේ ඉහල කුලයේ දෙමල දේශපාලනඥයන් කරන්නේ නැවත ජාතිවාදය ඇවිස්සීම. නැත්නම් උන්ට පැවැත්මක් නැහැ////////
      ඔව් බං උන් විතරක් නෙමේ දකුණේ බොහොමයක් තක්කඩියොත් කරන්නේ ඔය මලකුණ වෙන්දේසි කරකර රට අන්දන එක තමයි.

      Delete
    15. මම යුද්දේ තියෙන කාලෙත්, ඉන් පසුවත් ඔය පැති වල ඇති වෙන්න කරක් ගහලා තියෙනවා. එක හමුදා කඳවුරක අපි දන්නා නිලධාරියෙක් කිව්වා, එයාලගේ ඉඩම් පෙන්වන්න කිව්වම "අර තල් ගහේ ඉඳල අර තල් ගහ ගාවට මගේ ඉඩම" කියලා කියනවලු. කිසිම ඔප්පුවක් නෑ. මම ඉපදිච්ච් ගමේ එහෙම හැකියාවක් මට නෑ. අපි සල්ලි දීලා ඉඩම් ගන්න ඕනේ. සිංහල මිනිහෙකුට එහේ කඩයක් දාන්න විදියක් නෑ. කවුරුත් ඉඩම් හෝ බද්දට කඩ දෙන්නේ නෑ. එයාලාගේ විරෝධය වැඩියි. මුස්ලිම් අයට වුණත් තත්වය වෙනස් නෑ. වෙනමම ඉන්න හදන්නේ එයාලා. නමුත් අපි දන්න අපේ හොඳ මිතුරෝ යාපනේ ඉනන්වා. හැම කෙනාම එක වගේ නෑ. අපි කාලා තෙලේ යවා ගන්න උතුරේ යුද්ධයක් කළේ නෑ. ඒ කාලේ යුද්ධයට අවශ්‍ය සෙබළු හමුදාවට බඳවා ගත්තා. දැන් එයාලවත් එක පාරට අත අරින්න බෑ. එයාලවත් යුධ මානසිකවතයෙන් හෙමින් ගලවා ගන්න ඕනේ.

      Delete
    16. ඕක නම් මාත් අහල තිබෙනවා. ඔප්පු කරන්න ඕනේ. හැබැයි ඒවා ලියන්නත් ඕනේ. ඔය NGO හෙම ආවහම පෙන්වන්න. ඕක NGO වල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් තුන් පැත්තෙම මිනිස්සු බොරු කියනව හරියට. තේස වලාමේ නිතිය දැන් නැහැයි කියල මම හිතුවේ.

      Delete
    17. /////// ඒ කාලේ යුද්ධයට අවශ්‍ය සෙබළු හමුදාවට බඳවා ගත්තා. දැන් එයාලවත් එක පාරට අත අරින්න බෑ. එයාලවත් යුධ මානසිකවතයෙන් හෙමින් ගලවා ගන්න ඕනේ.////////////

      @ සුධීක.....ඔබ හරියටම හරි ඔය කාරණයෙදි. ඔවුන්ව ඒ මාණසිකත්වයෙන් නිවැරදිව එලියට ගත යුතුයි. යුද්ධයක් කෙසේ වෙතත් මැච් එකක් දිනුවට පස්සේ මිනිස්සු ඉන්නේ මොන වගේ මාණසික මට්ටමකද කියලා පේනවානේ. හමුදා භටයින් ඒ මානසිකත්වයෙන් ගලවාගත්තත්.....මේ කාලකන්නි දේශපාලන අවස්තාවාදින්ව මේ මානසිකත්වයෙන් ගලවා ගන්නට නම් කවදාවත් නොහැකිවේ. මේ විශබීජය තමයි උන්ගේ පැවැත්ම.

      සොල්දාදුවා අකැමතිම දේ තමයි යුද්ධය. නමුත් දේශපාලකයා........

      Delete
    18. ඔන්න ලොකු පුතා කියපු කතාවකට උදාහරනයක් ඇවිල්ල. ඔහු වෙනුවෙන් මම දානව.
      නගුලන් මැරිලා නැහැ ඉන්නවා කියල. නමුත් මේ නගුලන්ලා දෙන්නම එක අයෙක්ද ?
      ඒවා හොයන්නේ නැතිව ලියන්නේ කොහොමද?
      http://www.medaperadiga.com/%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80-%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-%E0%B6%9A%E0%B7%93-%E0%B6%B1%E0%B6%9C/?m=jvy

      Delete
  4. බ්ලොග් ලියන පැත්තට අලුත්... ස්තූතියි අනිත් කොණ ගැනත් පොත පිළිබඳවත් ඔත්තුවට. ඔබේ ලිපි කියවනව, නමුත් කොමෙන්ටු දාන්න මං පැකිලෙනව ඒ තරමට පරිණත බවක් නෑයි කියල මට හිතෙන නිසා. මගෙ හිත මාව පස්සට අදිනව. නමුත් ඔබේ රසවත් ලිපි අනිවාර්යයෙන් කියවනව.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ එහෙම හිතන්න එපා කියලයි. තමන්ට අදහසක් ගොනු කරගන්න පුලුවන්නම් ඒක ලියන්න. පැකිලෙන්න එපා. මම නම් කවදාවත් හිනා වෙන්නේ නැහැ. බ්ලොගයට පැමිණියාට ස්තූතියි.

      Delete
    2. @ Blood colour dreams...මේ බ්ලොග් ලෝකේ තියා කොයි ලෝකෙත් මිනිස්සු පරිණත වෙන්නේ ඉගෙණීමෙන් සහ අත්දැකීමෙන්නේ. ඔබේ දැණුම ඔබට උසස් වෙන්නේ ඔබ එය පාවිච්චි කිරීමෙන් පමණි. එය පාවිච්චි කරන්න බයවෙන්න එපා. ඔයා දන්න ගොඩක් දේවල් අප දන්නේ නැතුව ඇති. අපි දන්න දේවල් ඔබ දන්නේ නැතුව ඇති.

      Delete
    3. blood colour dreams ? කෙලින්ම පරිවර්තනය කරලා හා හා

      Delete
    4. ලේ පාට හීන කියනවට වඩා හොඳයි "ලෝහිත සිහින" කිව්වනම්.

      Delete
  5. සටහන කියවපුවම මට හිතුණෙ මේක අළුපාට සටහනක් කියල..
    වැඩිය කියන්ට දෙයක් නෑ. පොත කියවලත් නැති හංද...
    හොයාගෙන කියවන්න ඕන..
    හැම කෙනාම බලන්නෙ කවුරු හරිපාට ගාල දිපු කණ්ණාඩියකින්. තමන් ගෙම පාටකින් බලන අය හරි අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔය හිතනවා නම් මම පාට කණ්නාඩියක් දාගෙන ලිව්වේ කියල හුඟක් කණගාටුයි. මම හුඟක් ස්වාධින මනුෂ්‍යයෙක්.

      Delete
  6. බෝධිනි නම් එදා හම්බ උනා අජිත්ගේ පොත එළිදැක්වීමෙදි... අදයි ඒ බ්ලොග් එක දැක්කේ.. සින්ඩියට දාගත්තා... කියවන්න ඕනා... රූපයෙන් නම් හොඳ මනුස්සයෙක් බව පෙනුනා...

    ReplyDelete
    Replies
    1. රුපයෙන් සහ හදවතින් හොඳ බෝධිනී.

      Delete
    2. //රූපයෙන් නම් හොඳ මනුස්සයෙක් බව පෙනුනා...//

      අයියේා බොළඳ මාතලං. හැක්

      Delete
    3. මාතලන් වරක් මා ලියූ ලිපියක් ගැන ලියා තිබුනා එවකට මා පොත ලියා තිබුනේ නෑ ... ලැප්ටොප් එක තුවායෙන් එතීම කියා.... දැන් මතක් වේවි.

      Delete
    4. අනේ නෝනේ මාතලන් කියන්නේ ඇල්සයිමර් හොඳම එක.... පුළුවන්නම් ලින්ක් එකක් දෙන්න... ආසයි බලන්න...

      Delete
    5. උඹට ඇල්සයිමර් කියන එක නම් වෙන්න බැහැ. බීපු දවස් හොඳට මතකයි.

      Delete
  7. ඇත්තටම බෝධිනිගේ ස්වභාවය, අප දන්නා වෛද්‍යවරුන්ගෙන් වෙනස් වන්නේ ඇයි දැයි මට නිතර නැගෙන ප්‍රශ්නයක්.. කොහොම උනත් අනිත්කොණ ගැන කියැවුනු හොදම පෝස්ටුවක් මේක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා. තව දිගට ලියන්න හිතුන බ්ලොග් පොස්ටුව දිග වැඩි වෙන නිසා නැවැත්වුවා.

      Delete
    2. අපරාදේ.පොල්කට්ට එළියට විසික් වෙන්නමයි ලියන්න තිබුනේ.. සරසවි බුක් සොප් වල අඑ කෙහෙම්මල් පොල්කට්ට නැද්ද අජිත්? තිබුනේ නෑනේ.. අර කොට බස්සිගේ කලබලේ තිබුනෙත් නෑ..

      Delete
    3. බෝධිනී නංගි තවමත් බයයි. ඇයි හමුදාව ගැන ලීවේ කියල අහනවා. සමහර තැන් වෙනස් කරන්න වුණා. ඉතින් මට ලොකු පුතාගෙන් අහන්න තියෙන්නේ යුද්ධයෙන් අවුරුදු 9 කට පස්සේ සිංහල අය තවම බය නම් යමක් ලියන්න එතන ළඟ ජිවත් වෙන අය දෙමල අය කොපමණ භය ඇත්ද කියල.

      Delete
    4. හා ලොකු පුතාගෙන් අහල වරකෝ.. මං ඊට පස්සේ උත්තර දෙන්නං.

      බෝධිනි මිස්..අජිත් කියන කතාව ඇත්ත.. හැංගුනු ඇජන්ඩා නැති ඔබගෙ ලියවිලි වල ඒවා පැහැදිලිව පේනවා.. ජය වේවා

      Delete
    5. බිහිසුණු දරුණු යුධ අතීතය ගැන ලියන්න බය වෙන්න ඕනේ තමයි...
      ඒකෙ ආයේ දෙකක් නැහැ, මොකද ඒ තිබ්බේ යුද්ධයක්...
      ඒ යුද්ධය කලේ රජයට අයත් හමුදාවක් සහ ත්‍රස්තවාදීන් අතර...

      යම් කෙනෙක් රජයේ හමුදාවට අවාසි සහගත යමක් ලියනවානම් ඒ ගැන බය වෙන්න ඕනේ තමයි...
      හැබැයි අජිත් අයියේ ඔයා කරගත්තු එක වරදක් තමයි බෝධිනී බය හමුදාවටය කියල හිතාගෙන ඉන්න එක...

      බෝධිනී කියන්නේ දේශපාලන වාසි ගන්න පුළුවන් චරිතයක් නොවෙන නිසා ඇය සහ අපි කවුරුත් බය වෙන එක සාධාරණයි...
      හැබැයි ඇය ඇත්තටම බය ලංකා ආණ්ඩුවට, රටේ නීතියට මිසක් එයාගේ ගෙවල් ගාව හරි එහා ගමේ තියෙන හමුදා කඳවුරට නෙමෙයි කියල අමතක කරන්න එපා...

      හොඳම උදාහරණය කමිගේ සීන් එක, එතැනදී ඌ වටා ක්‍රියාත්මක උනේ රටේ නීතිය. ඒක හමුදා නීතිය නෙමෙයි, රටේ නීතිය...

      යුධ හමුදාවට විරුද්ධව ලොකුම අපරාධ චෝදනාවක් කරපු එක්නැළිගොඩගේ හාමිනේ යහතින් ඉන්නේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන්නම් ඔයාට බෝධිනිගේ සහ රටේ මිනිස්සුන්ගේ බය මොකක් සම්බන්ධවද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි...

      Delete
    6. ලොකු පුතා මෙතන pdf එකක් බාගෙන කියවන්න පුළුවන්. http://www.oaklandinstitute.org/long-shadow-war
      රටේ නීතියට අනවශ්‍ය විධිහට භය වෙන්න ඕනේ නැහැ ලොකු පුතා. පලස්ත සභා බූරුවෝ නිතිය අතට ගණන් එකට තමා භය වෙන් ඕනේ. ලංකාව දියුණු වෙන්න නම් නීතිය ට ගරු කරන රටක් ඇති කරනන් ඕනේ. ගෑනු දුෂණය කරලා ඇප ලබල එලියට එන මන්ත්‍රීවරු බෙර ගන්න එපා කියල කිව්වේ ඒකයි ගිය ආණ්ඩුවට. defender වලින් පිරිමි උස්සන් එපා කියන්නෙත් ඒකයි. එක්නැලිගොඩ මරපු එක සාධාරණද? ඒක සාධාරණය කියා ඔය කියනවා නම් මට මෙතන වාද කරන්න අවශ්‍ය නැහැ. යුද හමුදාවට චෝදනාවක් කරා නම් පිළිතුරු දෙන්න පුළුවන්නේ . එක්නැලිගොඩ හාමිනේ කොහෙද එහෙම කරලා තියෙන්නේ. මැරුණු මිනිහව නේ හොයන්නේ.

      Delete
    7. බෝධිනී විතරක් නෙමේ හමොං හමුදාවලට බයයි. මමත් බයයි

      Delete
    8. හමුදාව රසායන අවි භාවිතා කරලා ජන සංහාරයක් කලා කියල එක්නැළිගොඩගේ හාමිනේ කියන වීඩියෝ එක දැක්කේ නැද්ද...
      ඒ ගැන හෙළි කරන්න ගිය නිසා තමයි එයා අතුරුදන් උනේ කියල කියනවා...

      https://www.youtube.com/watch?v=yiNfrAHJR-A

      ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා හොයන එක වෙනම කාරණයක්, නමුත් ඒ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් නෙමෙයිද...
      ඒ ප්‍රකාශය සම්බන්ධව ඇයට විරුද්ධව හමුදාව කිසි ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ...
      හේතුව ඒ මොහොත වන විට ඇය දේශපාලන වටිනාකමක් ඇති අයෙක් වීම...
      හැබැයි ඔය වචන ටිකම වෙන කෙනෙක් කිව්වනම් තත්වය වෙනස්, මම පෙන්නුවේ ඒක...
      ඒකයි මම කියන්නේ බය වෙන්න ඕනේ හමුදාවට නෙමෙයි ආණ්ඩුවට (දේශපාලනේට සහ දේශපාලනිකව තීරණ ගන්න ඉඩ තියෙන නීතිය සම්බන්ධ පුද්ගලයින්ට) කියලා...

      ///එක්නැලිගොඩ මරපු එක සාධාරණද?///
      මම විස්වාස කරන්නේ ඔහු තවම මියගොස් නැත කියා බැවින් මෙයට මා හට පිළිතුරක් නැත...

      Delete
    9. මිය ගොස් නැත්නම් අර ළමයින් අඬ අඬා දුවන්නේ මොකද? ඇයි ඔයහිටපු නීතිපති හා අනිත් අය (ප්‍රන්ස්හෙට ගිය මන්ත්‍රී) කියන්නේ නැත්තේ? රසායන අවි කතාව පරණ කතාවක් ක් නේ. ඒක මේ ටැමිල්නෙට් එකයි හැමෝම කියන එකක්නේ. ඕක එක්නැලිගොඩ මහත්මිය වෙනම කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ හමුදාව ප්‍රතික්ෂේප කරලත් තිබෙනවා.

      Delete
    10. /ඇත්තටම බෝධිනිගේ ස්වභාවය, අප දන්නා වෛද්‍යවරුන්ගෙන් වෙනස් වන්නේ ඇයි දැයි මට නිතර නැගෙන ප්‍රශ්නයක්../

      ලංකාවේ මෙඩිකල් කොලේජ් වහදාලා ඒවට වෙන් කරන වියදමෙන් මෙඩිකල් ස්ටුඩන්ට්ලට පිටරටවල ඉගෙනගන්න ස්කෝල් දුන්න නම් බොධිනීලා ගොඩක් බිහිකරගන්න පුළුවන්වේවි.

      Delete
    11. ///මිය ගොස් නැත්නම් අර ළමයින් අඬ අඬා දුවන්නේ මොකද? ///

      මෙන්න මේ වීඩියෝ එක බලන්න...
      https://www.youtube.com/watch?v=zsODcOVkDig

      මෙහෙව් මිනිස්සු ඉන්න රටක් නොවැ සිරි ලංකාව කියන්නේ, ඉතින් දේශපාලන සම්බන්ධකං මොන මොනවා හරි තියෙන, දේශපාලන හයියක් නැති සාමාන්‍ය ජනයාගෙන් අපගමනය වන උදවිය ගැන මගේ හිතේ තියෙන්නේ සැකයක්...

      ඔන්න එහෙම මුකුත් සරණක් නැති අර පොලිසියෙන් තල්ලු කරලා මරපු ඇඹිලිපිටියේ සුමිත් ගේ වයිෆ් ගේ තත්ත්වය බලන්න...
      ඒ මනුස්සයා ට්‍රයි කලේ මැරිච්ච මනුස්සයා වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ලබා ගන්න. නමුත් උසාවියෙනුත් ගෙම්බර් දැම්මේ ඒ ගෑණිට...

      නමුත් එක්නැළිගොඩ සිද්ධිය මට එහෙම පේන්නේ නැහැ, එයා වටේ බළල් අත් ගොඩක් තියෙන නිසා වෙන්න ඕනේ මට සැක හිතෙන්නේ...

      Delete
    12. හිරුනිකා මෙතනට අදාල ඇයි කියල නම් මට තේරෙන්නේ නැහැ. ඔය කියන්නේ හිරුනික එතන නැතුව වගේ එක්නැලිගොඩ බිරිඳත් බොරුවක් කරන්නේ කියලද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. හිරුනිකා කියන්නේ මම කැමති දේශපාලනඥයෙක් නෙමේ කොහොමටත්. මට එයාව වැදගත් නැහැ.
      ඇඹිලිපිටියේ සුමිත් ගේ වයිෆ් ඇත්ත කියනවද කියාලත් ප්‍රශ්නයක් තියනවා. ඒ එස්පී ගොඩක් අපරාධ මර්දනය කරල ඒ පළාතේ ජාවාරම්කාරයෝ අල්ලපු කෙනෙක්. උසාවිය යන්තම් හරි ස්වාධීනයි. මිනිස්සු කියන විධිහට නඩු අහන්න බැහැ. එක්නැලිගොඩ බිරිඳට ගොඩක් ප්‍රශ්න ගිය ආණ්ඩුවෙන් ඇති කරපු වෙලාවේ උදව්වට හිටිය මිනිස්සු තමයි අදත් උදව් කරන්නේ. ඒ මිනිහ වරදක් කලා නම් ඔයාම අර උඩ කිව්වේ රටේ නිතිය ගැන . ඒක ඒ දවස් වලත් තිබ්බේ නැත්ද? ත්‍රස්තවාදී මර්දන පනත තිබ්බේ නැත්ද? මරන්නේ නැතුව නඩු දාල හිරේට දාන්න . එච්චරයි. කාටවත් - ෆොන්සේකාටවත්, ගොඨභයට වත්,ජානක පෙරේරාට වත්, විජේවීර ට, වත් ප්‍රභාකරන්ට වත්, ප්‍රේමදාස ටවත්, රනිල් ට වත්, තව කාට වත් අයිතියක් නැහැ තව කෙනෙකුගේ ජිවිතයක් ගැන තීරණය කරන්න . ඒ අයිතිය තියෙන්නේ උසාවියට විතරයි. එංගලන්තය වගේ රටවල මිනිස්සු උද්ශෝෂණ කරන්නේ ඒවාට. මේ රටවල වුනත් මිනිස්සු ඒ වගේ මැරුවොත් CIA හෙම උඩ්ස්ඝෝඅෂන් කරන ලියන මිනිස්සු ඉන්නවා. අන්න ඒකයි වටහා ගත යුත්තේ. ඇමෙරිකානු පුවත් කලාවේදියා වන ගැරී වෙබ්ස් ගේ චිත්‍රපටිය බලා තියෙනවද?

      Delete
    13. ///හිරුනිකා මෙතනට අදාල ඇයි කියල නම් මට තේරෙන්නේ නැහැ.///
      මම එතන පෙන්නුවේ තාත්තගේ මිණිමැරුම් නඩුව සම්බන්ධව වොයිස් කට් එකක් දෙන්න ආපු හිරුණිකා ගේ ඇත්ත දුක සහ බොරුවට පෙන්නන දුක ගැන වෙනස...
      අපි දකින්නේ මිඩියා වලින් පෙන්නන තමන්ට අවශ්‍ය කොටස පමණයි...
      සන්ධ්‍යාලා සම්බන්දවත් මට එවැනි සැකයක් තියෙනවා...

      ///ඒ මිනිහ වරදක් කලා නම් ඔයාම අර උඩ කිව්වේ රටේ නිතිය ගැන . ඒක ඒ දවස් වලත් තිබ්බේ නැත්ද? ත්‍රස්තවාදී මර්දන පනත තිබ්බේ නැත්ද? මරන්නේ නැතුව නඩු දාල හිරේට දාන්න . එච්චරයි. ///
      මම කිව්වනේ මිනිහව මැරුවේ නැහැ කියන එකයි කියල මගේ විශ්වාසය...
      පළවෙනි පාර සුදු වෑන් එකකින් අරගෙන ගිහින් ගෙනත් දැම්මා කියලා සන්ද්‍යා ම කියනවනේ, ඊට පස්සේ මිනිහ ආපහු ලංකාවේ හිටියිද...
      හැබැයි ඔහුට පැවතී රජයෙන් බේරිලා යන්න අමාරුයි වෙනත් දේශපාලන හයියක් නැතුව...
      ඔහු රටින් පිටව ගොස් මේ කෙරෙන්නේ නාටකයක් බවයි මගේ අදහස...
      තව ටික කාලෙකින් එක්නැලිගොඩ ගේ බිරිඳ සහ ළමයි මේ රටේ නිතිය හෝ දේශපාලනය හෝ මොකක් හෝ අවුල් කියල වෙන රටක ස්ථිර පදිංචියට යන එක ෂුවර්...
      ඒකට ටික කාලයක් යයි, මොකද එක පාරට මේක නතර කරන්න බැරි නිසා...
      නමුත් මෙගා එකක් වෙන එකක් නැහැ...

      මගෙනම් අදහස මේ ගැනනම් අපි තව බලා සිටිය යුතු බව පමණයි...

      Delete
    14. ලොකු පුතා....එක්නැලිගොඩව මරලා කියලා තීන්දුව එලියට එන දවසක් ආවොත්, එදාට උඹ මේ සංවාදයේ කොයි පැත්තෙද හිටගන්නේ?

      Delete
    15. මිනිහෙක් නිකරුනේ මරණ එක මම කවදාවත් සාධාරණයි කියල පිළිගන්නේ නැහැ අරූ...
      නමුත් දේශපාලනික රඟපෑම් වියහැකියැයි මට හිතෙන සහ සැක කළහැකි දේවල් වෙනුවෙන් මට කඳුළු හලන්න හිතෙන්නේ නැහැ...

      මම සරළ උදාහරණයක් කියන්නම්, මේ අපේ එකෙක් ලියපු එකක්,
      http://kalahitha.blogspot.com/2015/01/piracy-in-anty-piracy-mission.html

      මේ ඒකෙන් උපුටා ගත්තු කොටසක්,
      ///බොහෝ කලක් මේ නැවු වලට ආයුධ සපයන හා නැවත ලබාගෙන ගබඩා කරගෙන සිටින කර්ථව්‍යය ශ්‍රී ලංකාව තුල කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඊයේ ගාල්ලේ නැව පොලීසිය විසින් පරීක්ශා කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් එය නීත්‍යානූකූල බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වූ ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ශක දිසානායක මහතාගේ (සක්‍රීය සේවයෙ නියුතු නාහ නිළධාරියෙක් වෙනුවට ඔහුගෙන් මේ ගැන විමසුවේ මන්දැයි මට පැණයක් ඇත.) සමයේදී මේ කටයුතු බාධාවකින් තොරව කරගෙන ගියමුත් ඉන් පසුව එහි නීතිමය තත්ත්වයන් ගැන ගැටළු ඇතිවූ නිසා වහ වහා ටග් යාත්‍රාවක් මිළදීගෙන මේ ආයුධ ගබඩාව එයට 'ශිෆ්ට්' කරන ලදී. කෙසේ නමුදු ආයුධ පිරවූ පෞද්ගලික නැවක් රටක වෙරළබඩ සිට කි.මි. 12ක් වන එහි අත්‍යන්ත මුහුදු සීමාවේ (Territorial Waters) රඳවා ගැනීම නීති විරෝධී හෙයින් අවසරය ලබාගෙන තිබුණේ කි.මි. 12කට එපිටින් මුහුදේ රඳවා තබා ගැනීමට පමණි. නමුත් ඒ සඳහා අධික වියදමක් දැරීමට වන හෙයින් අවසර ගත් දින සිටම වාගේ මෙය බලෙන් ගාලු වරායේ රඳවා තිබුණි. ///

      මෙන්න මේ කොටස ගැන දැන් තත්ත්වය කොහොමද...
      ගිය සතියේද කොහෙද ඒක නීත්‍යානුකුලයි කියල ප්‍රකාශයක් කලා...

      Delete
    16. අපේ රටේ දේශපාලනික රඟපෑම් ගැන නම් කතාකරලා වැඩක් නැහැ තමයි. නමුත් එක්නැළිගොඩ අතුරුදහන් වීමේ සිට මේ දක්වා අහන්නට, කියවන්නට, දකින්නට ලැබුනු සියල්ලක්ම කිරා මැන බැලුවිට මට නම් එය තාජුඩීන්ගේ ඝාතනයටත් වඩා එහා ගිය අසික්කිත ක්‍රියාවලියක්. එවැනි ඝාතන ශිෂ්ඨ සමාජයක සිදුවිය යුතු නැහැ. මේ සියලු අසික්කිතකම්වලට පක්ෂ, ආගම්, කුලභේදයකින් විරෝධය පලවිය යුතුයි.

      Delete
    17. මෙතන ලොකු පුතා යුද්ධයට සම්බන්ධ කරලනේ කතා කරන්නේ. දැන් අර හිටපු LTTE නායකයා ඊයේ TID එකෙන් අත් අඩංගුවට අරන්. සුදු වෑන් වලින් උස්සලා නැහැ. නොකිය අරන් ගිහින් නැහැ. අන්න රිසිට් එකකුත් දීල අත් අඩංගුවට ගත්ත කියල. ත්‍රස්තවාදය මර්දනය කරන්න. එපයි කියල නෙමේ කියන්නේ රටේ නීතියට. එකනලිගොඩ් මැරුව නම් මරන්න කාටවත් අයිතියක් නැහැ. අත් අඩංගුවට අරන් හිරේ දාන්න ඕනේ නම්. වරදක් කරලා තියනවා නම් රාජ්‍ය ආරක්ෂාවට විරුද්ධව. ඉන්නවා නම් කොහෙද කියල කියන්න බොරු කියන්නේ නැතුව. ලොකු පුතාව මේ රජයට විරුද්ධව කථා කරලා කියල සුදු වෑන් එකකින් ඉස්සුවා කියමු. ඔයාගේ පුතා අඬයි. බිරිඳ හැම තහනම් දුවයි ඔයාව හොය හොයා. ඔයාගේ සපත්තු දෙක එක්නැලිගොඩගේ බිරිඳගේ කකුල් දෙකේ දාල හිතන්න. ඒ පුතෙක් ගේ කකුල් දෙකේ දාල බලන්න. ඔයා මට විරුද්ධ මමතවාදයක හිටියත් ඒ වෙලාවට මම ඔයා වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද ඔයාට එහෙම කරන එක වැරදි නිසා.

      Delete
    18. මෙතැන මේ ලිපියෙන් එහම එකක් පැහැදිලි කරලා තියෙන්නේ. බැලූ බැල්මට බෝධිනී ගේ පොත සිංහල ජාතිවාදීයක් මෙන්ම හමුදාව හා වෛද්‍යවරු උඩ දමලා ලියල තියෙන්නේ වගේ. නමුත් ඒ අදහස් වැරදියි කියා පොත කියවන විට තේරෙනවා. ඔන්න ඔය අදහස තමා ඉදිරිපත් කරලා තියෙන්නේ.

      Delete
  8. ඩොක්ටර් බෝදිනී මට දින දෙකකදී හමුවී කතා කිරීමට ලැබුනා. එහිදී මා බ්ලොගයේ සහ පොතේ ඇති ලිපි ගැන ඇයගෙන් විමසා සිටි අතර ඇය ඉතා නිහතමානීව ඒවාට පිලිතුරු ලබා දුන්නා. ඒ සිදුවීම ම ඇය ගැන යම් යහපත් ආකල්පයක ට මග පෑදුවා. මා මෑතක සිට අනිත් කොනේ ඇති සියලු පෝස්ට් මුල සිට කියවීමට පටන්ගත්තා.

    ReplyDelete
    Replies
    1. මාත් කියවනවා. මුලදී දැනන් හිටියේ නැහැ.

      Delete
    2. නිහතමානිව පිළිතුරු දුන්නද?? හපොයි
      ඔය දොස්තර නෝනා මාව අවුරුදු විස්සකින් විසි පහකින් වැසට යන්න බෙහෙත්ක් දුන්නා නෙහ්.. හැක්

      Delete
    3. හා හා දේශකයා ට තිබුනේ රූපමට්ටමින් හඳුනාගැනීමේ ප්‍රශ්නයක්. ඔය දාගෙන ඉන්න පින්තූරෙත් එහෙමමනේ... මම හිතන් උන්නේ ගොඩක් වයසයි කියලා. කසුන් මුණ ගැසීම ආශිර්වාදයක් ! අපි වගේ ලියන අයට ඔබ හොඳ ධෛර්‍යයක් දෙනවා.

      Delete
  9. මේ තරම් පොඩි රටක ජීවත්වන අනිත් අය කතා කරන දේ නොතේරෙන තවත් අය ඉන්නවයි කියන එක පුදුමයට හා ලජ්ජාවට කරුණක් නේද?
    මට ඉස්සර සිංහලෙන් ටයිප් කරන්න බැරි කාලෙ ඉන්ග්‍රීසි ගැන බැනුම් ඇහුවා. මං කිව්ව එක දෙයක් තමයි:- මට සින්හල හා ඉන්ග්‍රීසි යනු භාවිතා කිරීමට හැකි හා කැමති භාෂා දෙකක් පමණයි ඒ ගැන හීන හෝ අධිමානයක් නෑ ඒත් තාම දෙමල බැරි එක ගැන නම් ලැජ්ජයි.
    සින්හල හා දෙමල භාෂාවල ප්‍රභවයේ වෙනස හා විශාල අසමානකම් නිසා වෙන්න ඇති මේතරම් අමාරු. ඉන්දියාවෙනම් බොහෝ විට එකිනෙකට ලඟින් තියන ප්‍රාන්තවල භාෂාවල ඉතා සමානයිනෙ. අඩු ගණනෙ තේරුම් ගන්නවත් පුලුවන්.
    ලංකාවෙ ලින්ක් භාෂාවක් ලෙස ඉන්ග්‍රීසි ඉතා වැදගත් වෙන්නෙ ඒ හේතුව නිසා

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි තමා වැඩිපුරම ප්‍රචලිත කරන්න ඕනේ. දෙමල සිංහල දෙකොටසටම. දෙමල අයත් හුඟක් වෙලාවට දෙමලෙන්ම තමා කතා කරන්නේ කවුරු හිටියත්. ජාතිවාදී ගතිය නිසා.

      Delete
    2. ඇයි අපේ එවුන් ජාතිවාදි නැද්ද.......

      Delete
    3. මට දෙමල දන්නා කෙනෙක් කිව්වේ වාක්‍ය ලියවෙන්නේ එකම විදියට කියලා. මගේ කරුමෙට බැංකුවෙන් තිබ්බ දෙමළ පන්තියට ගියාට ඒ කාලේ මුළු දවසම වෙන ට්‍රේනින් එකක් කරලා, හවස් ඒකට ගියාම ඔලුවට වදින්නේ නෑ. පස්සේ අල්ලලා දැම්මා. නමුත් සාමාන්‍ය දැනීමක් තියෙනවා වචන ගැන.

      Delete
  10. අනිත් කොනට ගිහින් එන්නම්. ස්තූතීයි ඔත්තුවට.

    ReplyDelete
  11. දේශපාලනය, මා නොදන්නා අකමැති මගේ දැනුම් විෂයෙන් තොර ය.. අනිත් කොන වෙත ලැබුනු ප්‍රතිචාර වල මා දුටුවේ මා ලියූ රෝහල සහ අප වටා තිබුනු, ගොඩ නැගුනු ඒ කතන්දර වලට ලැබුනු ප්‍රතිචාරය... අජිත් මහතා එයට දේශපාලනය ඔබ්බවා තිබේ... අකමැති නමුත් මේ ඔබේ කියවීමයි. මගේ කියවීම නොවේ.. පොතේ සමස්තය එය නොවේ.
    මා මේ කතා පුද්ගලිකත්වයෙන් බැහැරව ලීවේ ද බ්ලොග් ලෝකයේ එවකට පැවති පුද්ගල වන්දනාව හෝ පුද්ගල වෛරය නැති කිරීමටය. පුද්ගල වන්දනාවෙන් තොරව මේ සටහන් වැලඳගත් පිරිසක් සිටීම භාග්‍යයකි.. මේ කතා බ්ලොග් වලින් මුදා පොතක් වීම පසු පස සිටින්නේද සහෘද බ්ලොග් කරුවන් පිරිසකි. පොතට ලැබෙන අසීමිත ප්‍රතිචාර ද ඉමහත් ය. මේ ඔබේ ලියැවීම් ඔබේ කියවීමය ... එය මගේ කියැවීම නොවන බව මා දනිමි.. එය ප්‍රමාණවත් ය.

    ReplyDelete
    Replies
    1. බෝදිනී ඔබට අවශ්‍ය නම් මම මේ ලිපිය බ්ලොගයෙන් ඉවත් කරන්නම්. ඔබ හඳුනා ගත් දින පටන් හොඳ බ්ලොග් කාරිනියක හා කරුණාවන්ත වෛද්‍යවරියක වශයන් ම තුල ඇත්තේ පහන් හැඟීමකි. නමුත් මෙය ලියන්නට මා පොත් දෙවරක් කියවා නොයෙකුත් වැඩ මධ්‍යයේ දවස් කීපයක් ගත කෙළෙමි. මේ මා පොත දුටු හැටිය. අවශ්‍ය නම් මටත් දොස්තර නංගී , ගරු දොස්තර තුමියනි ඔබේ පොත මාරයි කියා ලිවිය හැකිව තිබුණි. එසේ නම් මා එය කියවීමට ගත කල කාලයද නොවැදගත් වනු ඇත . ඔබ ප්‍රගතිශීලි පුද්ගලයෙකු බව දෙතුන් තැනකම කියා ඇත්තෙමි. ඔබේ සමහර අදහස් වර්තමානයේ ශ්‍රී ලංකා සමාජයේ දකුණේ අදහස් හා සමපාත වේ. එය ඔබගේ වැරැද්දක් නොව ඒ ඔබට කියා ඇති අන්දම නිසාය.

      Delete
    2. ම එයට දේශපලනය ඔබ්බවා නැත. ඔබ ටච් කර ඇත්තේ ඉතා සංවේදී මාතෘකාවකි. දෙමල ඉගෙන ගෙන දෙමල වැසියන්ට බෙහෙත් කල වෛද්‍යවරියක් ඇගේ අත්දැකීම් හමුදා පාලනයක් යටතේ ලියා තිබේ. ඔබේ පොත දෙසේතනම් දේශපාලිනික වී ඇති අන්දම ඔබට නොපෙනේ. ප්‍රශ්නය දෙපැත්තේම සිටින අන්ත ජාතිවාදීන් හා අන්ත වාමාංශය ට සහ ජීවනය වැඩක් නැති වීමයි.

      Delete
    3. //ප්‍රශ්නය දෙපැත්තේම සිටින අන්ත ජාතිවාදීන් හා අන්ත වාමාංශය ට සහ ජීවනය වැඩක් නැති වීමයි.//
      එකඟයි ! මේ ලියැවීම් නතර කරන්නට දත කන්නේද එවැන්නවුන් ය. අවාසනාවට ඒ කොමෙන්ට් වලට නමක් නැත ඇනෝනිමස්ලාය

      Delete
  12. ආ තව දෙයක් අමතක වුනා... සිංහල හමුදාව කියා ඔබ කිහිප තැනක ලියා තිබෙනවා මටනම් සිංහල හමුදාවක් දකින්න ලැබුනේ නෑ, එකළ අනිත්කොන හිටි හමුදා ප්‍රධානියාද මුස්ලිම් ජාතිකයෙක් ! ඔබේ කියවීම යැයි මම කියන්නේ එහෙයිනි. උතුරු කොනේ දිනක් දෙකක් ඇවිදලා හෝ රටින් පිට හිඳ එහි පවතින තත්වය නිර්ණය කල නොහැකියි කියා මට සිතුනේ මා එහි වසර 3ක් සේවය කළ නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ ලිපිය කියවා ඇත්තේ ඔලුවෙන් හිටගෙන යයි මට සිතේ. ඔය රටින් පිට කියන චෝදනාව කරුණ කර කරනන් එපා . හඬ ගැන ලියන් හඳේ ජිවත්ව සිටිය යුතු නැත. ම ඔබේ පොත කියව ලත් තොරතුරු විශ්ලේෂණය කිර්මකි කලේ.
      1. මුලින්ම බ්ලොගයේ ලිපි කියවන විට මුලින්ම ඇතිවන අදහස් හෝ හැඟීම් දෙකක් තිබේ. එකක් නම් ඇය උතුරේ සිටින ශ්‍රී ලංකා හමුදාවේ විශේෂයන්ම සිංහල හමුදා භටයන්ගේ වීරත්වය හා කාරුණිකත්වය ගැන කතා කරන බවයි.

      මේ මට මුලින් ඇතිවුන හැඟීමයි. ඉන්පසු..........
      දැන් බෝදිනී තම සුක්කානම හසුරුවන්නේ මේ දෙකම සිහි තබා ගෙන යයි මට සිතෙයි.

      ඉහත කී අදහස් දෙකටම හරියන විධිහේ පිළිතුරක් බෝධිනී මුලින්ම දෙයි. ඒ ඇය විසින් ඇගේ රැකියාව වඩා පහසු වීම සඳහා දෙමළ භාෂාව ඉගෙන ගැනීමයි.

      මගේ ඉහත හැඟීමට මමම පහර දෙන බව ඔබට නොවැටහෙන්නේද?

      //කොටි සංවිධානය විසින් ළමුන් පැහැරගත් බව ඇත්තය. ශ්‍රී ලංකා හමුදාව විසින් එය අවසන් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාව සිංහලයන් ගේ මෙන්ම දෙමල හා මුස්ලිමුන් ගේ හමුදාවද වෙයි. තමන්ගේ ළමයි හොඳින් බටහිර ඉගෙන ගනිද්දී දෙමල ඩයස්පෝරාවේ ආධාරයෙන් යුද්ධය ගෙනි ගිය කොටි සංවිධානය දුප්පතුන් ගේ ළමයි පැහැර ගත්තේ අනිත් දෙමල ජනතාවගේ විමුක්තිය උදා කරන්නටය. නමුත් පියවර දෙකක් පස්සට යනවා වෙනුවට ඔවුන් මරාගෙන මැරුනහ. අවසානයේදී කිසිවකුට විමුක්තිය උදාවුයේ නැත. බෝම්බ වලට බියේ වාහන තුන හතරකින් පවුලේ උදවිය වෙන වෙන්ව ගමන් කල සිංහල ජනතාව සැනසුම් සුසුමක් හෙලු බව ඇත්තය. නමුත් ඒ බොහෝ මල කඳන් මතින් බවද ඇත්තය. //

      Delete
    2. මම දුටුවා .. නමුත් අර රජයේ හමුදා ... කියන නම තමා වඩා උචිත. පිච්චමල් හෝ තල් හකුරු ගැන ලියා වැඩක් නැත. එකල අප සිටියේ පිච්චමල් හෝ තල් හකුරු ගැන කී තියා ඒවා දකින්නවත් නැති උතුරක ය ! ඔබේ ලියවීම මම බොහෝ අගය කරමි. මට ඕනෑ මෙය මාරයි කියා ඇසීම නොවේ... එහෙනම් මා මුල සිට නිර්නාමිකව බ්ලොග් ඔස්සේ ලියන්නේද නැත. මුල සිටම ලැබුනේ මල් ය. එනමුදු නිර්නාමික වුනත්, මේ අන්තර්ගතය පොතක් වෙද්දී මා වගකීමක් දැරිය යුතු විනි. එපමණයි !

      Delete
    3. තේරුනා මම ඒ කමෙන්ටුව ඉල්ලා අස් කරගන්නවා !

      Delete
    4. රජයේ හමුදා කියල තමා මම හඳුන්වන්න ලියල තියෙන්නේ. සිංහල හමුදා කියන එක තමා - චෝදනාව - ඒක වෙන් කරලා ලියල තියෙන්නේ. ආයි බලන්න.

      Delete
  13. මාත් මේ ලඟදී වෛද්‍ය බෝදිනීගේ සටහන් කියෙව්වේ.. ඇත්තටම අපුරුයි.. පොතක් ලියලා තියනවා කියුවා නේද?

    මොකක්ද අයියේ ඒ පොතේ නම.

    ReplyDelete
    Replies
    1. අනිත් කොන. ඔය පින්තුරයේ තිබෙන්නේ ඒ පොත.

      Delete
  14. යුද්ධයක රඟ දන්නෙ ඒකට මුහුණ දීපු අය අජිත් අයියා... ඒ අත්දැකීම් සමහරක් දරා ගන්න බැරි ඒවා....

    ReplyDelete
    Replies
    1. ඒක හරි. යුද්ධයක් තිබ්බේ එක පැත්තක නෙමේ. දෙපැත්තේම මිනිස්සු විදෙව්වා

      Delete
  15. ///නමුත් දෙමල කතා කරන කඳු කරයේ, උතුරේ හෝ නැගෙනහිර සේවයට යන රජයේ සේවකයන්ට පමණක් දෙමළ අනිවාර්ය කල යුතුය. එසේ කලයුතු වන්නේ, නැත්නම් එහි සිටින ජනතාව හා රජය සම්බන්ධ කටයුතු වලදී අපහසුතා ඇති වන බැවිනි. ///

    70% ට වඩා සිංහල කතා කරන්න පුළුවන් රටක වඩා ප්‍රායෝගික ක්‍රමය හැමෝටම සිංහල අනිවාර්ය කිරීම මිස වෙනකක් නොවේ...
    එවිට අපහසුතාවන් අවම වේ...

    ReplyDelete
    Replies
    1. මම එකට විරුද්ධයි. ඒක හුඟක් ජාතිවාදියි. ආර්ථික ක්‍රමයට ඉඩ දෙන්නේ ඕනේ. දැන් දකුණේ ව්‍යාපාරිකයෝ හා සිංහලයන් සමග ගනුදෙනු කරනමිනිස්සු සිංහල කතා කරනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. සෝවියට් දේශය වැටෙන්න එක හේතුවක් රුසියන් භාෂාව හැමෝටම අනිවර්යකිරිම. අනිත් සමුහඳුවලින් විරෝධයක් තිබ්බ දැඩි ලෙස. ඇහුවේ නැහැ. යාපනේ දෙමල මිනිස්සුන්ට සිංහල අනිවාර්ය කිරීම වැරදියි. ගාල්ලේ සිංහල මිනිසුන්ට දෙමල අනිවාර්ය කිරීම වැරදියි. .

      Delete
  16. මේ පොත මා කියවා නැති මුත් දැන් කියවීමට ආශාවක් උපන්නා.
    අනෙක් අතින් අපි කැමති වුනත්,අකමැති වුනත් "දේශපාලනය"කියන මෘතුකාවෙන් වියුක්ත වෙලා කටයුතු කරන්න අපිට අපහසුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔයේ කෙහල් මල හැම ත්නටම රින්ගලානේ තියෙන්නේ.

      Delete
  17. ලොකු පුතා නරි නාවන එක නවත්තපං!
    කවුද අජිත් ධර්ම එහෙමත් නැත්තං කොළඹ ගමයා කියන්නේ?
    මාතලංගේ බාප්පා. එහෙමත් නැත්තං මහින්ද පරාජය කරවල බටහිරට හිතැති ආණ්ඩුවක් තැනිමේ ව්‍යාපාරයේ මාතලංටත් උඩින් ඉන්න එකා.
    UNP සහ මහින්ද විරෝධී කඳවුරට වට කොට පහර ගැසීමේ ව්‍යාපෘතියට අඳාලව සිංහල බ්ලොග් අවකාශය හැසිරවීම පිණිස ඉන්ග්ලන්ඩ් හරහා බටහිරින් මෙරටට එවනු ලැබූ නියෝජිතයා. බ්ලොග් අවකාශය මානසික අල්ලස් සහ මුදල් අල්ලස් මගින් හසුරුවන්නට කටයුතු කල පුද්ගලයා. මානසික අල්ලස් තමයි බ්ලොග් සින්ඩිකේටර් හරහා හිට්වලට ආසා කරන ආධුනික බ්ලොක් කරුවන් ආකර්ෂණය කරගෙන ඔවුන්ගේ ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කිරීමට හෝ එසේ කටයුතු නොකරන්නේ නම් අවම වශයෙන් විරුද්ධ මත වාදයන් ප්‍රකාශ කිරීමෙන් වලක්වා පසෙකින් තැබීම.
    තනියම මේ කාර්‍ය්‍ය ඉටු කිරීමට අපහසු නිසා ඔහුට ලැබුන විශාල අරමුදල් වලින් යම් කොටසක් මාතලංටත් W3 ලංකා බ්ලොග් හිමිකරුටත් තවත් නම් පැහැදිලිවම හෙළි කරගන්නට නොහැකි උන බ්ලොග් කරුවන් තිදෙනෙකුටත් බෙදා දී ඔවුන්ගේ සහයත් ලබා ගෙන අනිකුත් බ්ලොග් කරුවන් පාලනය කරගෙන මහින්ද එලවා දැමීමේ කුමණ්ත්‍රණයේ බ්ලොග් අවකාශ මෙහෙයුම සාර්ථකව නිමා කල පුද්ගලයා.
    ඔහුව හා ඔහුගේ කාර්‍ය්‍ය හඳුනා නොගෙන ඔහුට කාරණා පැහැදිලි කරන්නට ගන්නා ඔබගේ උත්සහය අර්ථවිරහිත බව තේරුම් ගන්න.
    තවද ඔහුගේ මුදල් අල්ලස්වලට නැමිය නොහැකි අයට දෙනු ලබන මානසික අල්ලස් වලට හසු වී සිටින බෝධීනී වැන්නියන් වූවත් මෙයට වඩා කල්පනාකාරීව කටයුතු කල යුතු බවත් සිහි කැඳවමු.
    මුදල් හෝ මානසික අල්ලසට යටත් නොවන්නේ නම් හීන් සීරුවේ බ්ලොග් අවකාශයෙන් ඉවත් කර තැබීම මොවුනගේ ඊ ළඟ පියවරයි. ඒ සඳහා පෞද්ගලික තොරතුරු සොයාගෙන ඒ හරහා බ්ලැක් මේල් කිරීමත්, දිගින් දිගටම කරනු ලබන නිර්නාමික කමෙන්ට් ප්‍රහාරත්, මෙම ලිපියේ ආකාරයට හිමින් සැරේ බ්ලොග් කරුවාව හෝ කාරිනියව අන්තවාදිනියක ලෙසින් හංවඩු ගසා ඔහුගේ හෝ ඇයගේ ගමන් මග අහුරා දැමීමත් විය හැකියි.
    ප්‍රවේශම් වන්න.

    ReplyDelete
    Replies
    1. මට මෙච්චර තැනක් දීම ගැන හුඟක් ස්තූතියි. මේ දවස් වල මම මා ගැන වත් දන්නේ නැති දේවල් ඇනෝ කොමෙන්ටු වල එනවා. මහින්ද එළවන්න සුමනදාසට සල්ලි දුන්නෙත් මමද? අවුරුදු දෙකකට කලින් චන්දෙ තියන්න මහින්දට කීවෙත් මමද? මම නම් කියන්නේ මහින්ද ඕනෑ කමින් පැරදුන බවයි. පී බී ජයසුන්දර ඔහුට කියා තිබෙනවා රටේ ආර්ථිකය අගාධයේ බවත, නය සර්විස් කරන්න සල්ලි තව අවුරුදු දෙහෙකින් නොමැති වන බවත්. කලින් චන්දෙ තිබ්බේ ඒකයි . අවුරුදු දෙකකින් මේ ආණ්ඩුව වැටුනම ආයේ එන්න. (වැටෙන සයිස් එකක් තියෙන්නේ මේ විධිහට ගියොත් )
      බ්ලොග් අවකාශයෙන් කට්ටිය අහක් කලේ ඒ දවස් වල තිබ්බ කල්ලියි. අලුතින් එන අයට එකතු වී පහර දීලා . මම දන්නේ නැහැ කියල හිතුවද ඒ කව්ද කියල. මට හොඳ අවබෝධයක් තියනවා. අපි කලේ අලුත් බ්ලොග් ඇති කිරීමයි. හැමෝම ඒක දන්නවා ඔබ වගේ කපටි නරි ඇරුනම.
      //ඒ සඳහා පෞද්ගලික තොරතුරු සොයාගෙන ඒ හරහා බ්ලැක් මේල් කිරීමත්,// මගේ බිරිඳට හා පවුලට අපහාස කරන එවුන් සෙවීම මගේ වැඩකි. වෙන මොනවා ලිව්වත් ඒ අපහාස කරපු එවුනට නම් කවද හෝ රිටර්න් එක ලැබේවි. නමුත් මගේ හඳුනන බ්ලෝග කරුවෙක් කාරියක් නොදන්නා කමට ලිවූ දේවලට මම පස්සෙන් පන්නන්නේ නැත. බ්ලොග්කරුවන් බොහෝ අය සාපේක්ෂව හොඳ මිනිසුන්ය. වෙන ඕන කෙහෙල්මලක් ලිව්වාට මට ප්‍රශ්නයක් නැත. මා සොහොනේ ගෙවල් හදන්නට ආවේ යකුන්ට බයේ නොවේ. මා බ්ලොග් ලියන්නේ එයින් ආශ්වාදයක් ලැබෙන නිසාය. කියවන්නේද ඒ නිසාය. ඔය ටික නොතේරෙන ගොබ්බයන් ගැන මම කරදර වන්නේ නැත.
      //බ්ලොග් කරුවාව හෝ කාරිනියව අන්තවාදිනියක// මේ ලිපියේ කියා ඇත්තේ බෝධිනී නැගණිය අන්තවාදිනියක නොව ප්‍රගතශීලි කාන්තාවක් හා කරුණාවන්ත හදවතක් ඇති වෛද්‍යවරියක බවයි. ලිපියේ නොමැති දේවල් ලියන ඔබ කපටි හිවලෙකි.

      Delete
    2. //දිගින් දිගටම කරනු ලබන නිර්නාමික කමෙන්ට් ප්‍රහාරත්
      ඇනෝ.. ඔයත් ඇවිල්ල තියෙන්නේ ඇනෝ නේද? ( පැස්බරා ලැජ්ජාවට ඔලුව වහගත්ත වගේ. ඔන්න පස්ස පැත්ත එළියේ"

      Delete
    3. උපේක්ෂා නියම තර්කය. එළකිරි

      Delete
    4. පුද්ගල වෛර හෝ පුද්ගල වන්දනා වලින් තොර බ්ලොග් කියවීමකට මා කැමති වුනේ.. එනිසාමයි අනිත්කොන බ්ලොගය නිර්නාමිකව ලියූවේ..නමුත් පොත එසේ කරන්නට අපි උත්සහ ගත්තත් ඒක අමාරු කාර්‍යයක් වුනා. පොත් ලියන අය මේ දේ දන්නවා ඇති. පොත කියවන්න ! සියලු අන්තයන් පරාජය කළ අයට ඕනෑ දෙයක්/කෙනෙක් දිහා සුබවාදීව බලන්නට හැකියි. එනිසා අන්තවාදීබවද සාපේක්ෂ යැයි සිතේ... පොත කියවන්න. වන්නියේ හදවතේ සිට ලියූ / මුහුණ දුන් පශ්චාත් යුධ කාලයේ ජීවිත ගොඩ ගැනීමේ අත්දැකීම් ලියූ එකම දොස්තර මම නොවේ.. වෛද්‍ය රුවන් ජයතුංග ද සංග්‍රාමයට පසු පොතේ බොහෝ දේ සවිස්තරාත්මකව ලියා තිබේ. ඔහු විශේෂඥයෙක් නිසා එහි විශ්ලේෂනයන් ද බොහෝය. මා සිතන්නේ තවම පොත හරියට කියවී නැති බව ය. ඇනෝ නැතිව ලියමු ද? අපි මොනවා බෙදා ගන්න බැරුවද මේ කියවන්නේ?

      Delete
  18. මම නම් බෝ පැලයක් වගේ....බෝධ්නි බෝධියක් වගේද :D

    අජිත් උඹව හම්බවෙච්ච දවසක මට අනිත් කොන දීපන්. මම බ්ලොග මිසක් පොත දන්නේ නැහැ. මම ඉස්සර කියවලා කමෙන්ට් කරනවා ඕකේ.

    ReplyDelete
    Replies
    1. මොන කොනද ? උඹත් කියන කථා?

      Delete
    2. බෝධිනී පොත් දෙකක් දුන්න. දෙවැනි එකට දැන් ඉල්ලුම වැඩියි. මොකද මුළු ලන්ඩන් වලටම එක පොතයි තියෙන්නේ. වැඩිම ලංසුවට දෙන්නම්.

      Delete
  19. හපොයි ඔක්කොම අහවර වෙලා නොවැ මම එනකොට...

    එදා මගේ ගාව බෝධිනී වාඩිවෙලා හිටිය. මම මගේ ඇතුලෙම්ම ලොකු අරගලයක හිටියේ
    "කතා කරනවද? නැද්ද?
    හිනා නම් උනා......
    කතාකරනවද.. නැද්ද?
    මෙතන මගේ කට ඇරියොත් ඉවරයි නේද?
    කතා කරනවද? නැද්ද?
    හලෝ කියල විතරයිනේ මම කිව්වේ... මුලිම්ම මොනාද කියන්නේ
    කතා කරනවද? නැද්ද?
    මම ඉතින් කවුරු කියල කියන්නද? කවුරුත් දන්නා එකක්යැ
    කතා කරනවද? නැද්ද?"

    ඔය ටික ආයෙමත් මුල ඉඳල දෙතුන්පාරක් හිතනකොට වෙලාවත් ඉවර උනානේ.. හය්යු.....

    දැන් මම හෙන ගැම්මෙන් ඉන්නේ බෝධිනී මගේ ගාව පුටුවේ හිටපු එක ගැන. හෙහ් හෙහ්... සාධාරනයිනේ?

    ReplyDelete
    Replies
    1. මාර අපොහකවාදී තර්කනයක් නේ

      Delete
    2. අනේ කතා කරන්න තිබුනනේ.. මම හිටියේ වෙහෙසෙන් ! වැඩ කරලා... ආව නිසා. උපේක්ෂා මම දන්නවා නේ.. කතා කරානම් අපිට අපි බ්ලොග් වල කියවගන්නා ටික කතා කරන්න තිබුනා.. එෆ් බී එකේ වත් ඉන්නවද ?

      Delete
  20. අනික් කොන බ්ලොගය පැත්තේ නිතර යනවා. මේ පොත ගැනනම් ඇත්තට ම දැනගත්තේ දැන්. රසවත් ව ඒ විචාරය කියෙව්වා. ඒ ගැන පොතේ අයිතිකාරියගේ විචාරත් තියෙව්වා. ලිපියයි කමෙන්ටු ටිකයි කියවලා එද්දි උඩු යටිකුරු වෙලා ඉන්නේ. මොනවා වුණත් හොද සංවාදයන් කිහිපයක් ම මේ හරහා ඇති වෙලා තියෙනවා. උතුරේ යුද්ධය, ඒ තුළ ඇති වූ සමාජ වටපිටාව සහ එය වෛද්‍යවරියකගේ ඇසින් ඇය දුටු ආකාරය ගැන ලියා ඇති බවක් මෙයින් පේනවා. ඒක අජිත් අයියා යම් දේශපාලනික කරුණු කාරණා සමග අරගෙන හොද විචාරයකට පදනමක් හදලා තියෙනවා.......

    පොත කියවන්න ලැබුණාම කියවන්න බලාගෙන ඉන්නවා.

    වෙනම සාකච්ඡාවක් ඇති වුණ නිසා ම දේවල් දෙකක් කියන්න හිතෙනවා...

    1. රටක හමුදාවක් ඉන්නේ රට තුළ ඇති වන යුද්ධයකට මුහුණ දීමට පමණක් නෙමෙයි. ආක්‍රමණයකට වුව ද මුහුණ දීමටය.

    2. රටක් ආරක්ෂක අතින් දුර්වල නම් එම රට අනිවාර්‍යෙයන් ම ජාත්‍යන්තරය තුළ යටහත් පහත් බවක් පෙන්වනවා. ඒ නිසා ආරක්ෂක අතින් රටක් දුර්වල කිරීම කියන්නේ නව යටත්විජිත ක්‍රියාවලියේ එක් උපක්‍රමයක්.(නමුත් මෙයින් කියැවෙන්නේ නැහැ රටක් මිලිටරිකරණය කිරීම අවශ්‍යයි කියලා)

    ReplyDelete
    Replies
    1. 1. එකඟයි
      2. එකඟයි - උතුරු කොරියාව න්‍යෂ්ටික යුධ තනා ඇත්තේ එබැවිනි.
      3. ඒ නිසා ආරක්ෂක අතින් රටක් දුර්වල කිරීම කියන්නේ නව යටත්විජිත ක්‍රියාවලියේ එක් උපක්‍රමයක් - දෙමල මිනිසුන් ජනාකීර්ණ තැන් වලින් හමුදා කඳවුරු ඉවත් කරන්න කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒවගේ තැන් වල දකුණේ වගේ පොලිසියක් විතරයි තියෙන්නේ ඕනේ. හමුදාව සිවිල් කටයුතු වලින් දැන් ඉවත් කළ යුතුයි. සාමාන්‍ය දෙමල මිනිසුන් ගේ ජිවිත යථා තත්වයට පත් වෙනකොට ඔවුන් ඉබේම අනුගත් වෙනවා සමාජයට. අනිත් හමුදාත් රට වටේම දැම්මම හරි. කොච්චර ලොකු හමුදාවක් හැදුවත් න්‍යෂ්ටික හොයනකම් ලංකාව ඉන්දියව හෝ චීනය සමග වාදයකට යා යුතු නැහැ.

      Delete
  21. මේකනම් මරු, පිං සිද්දවෙනව මේ හඳුන්වාදීමට. පොත හොයාගන්නත් ඕනි.ඔක්කොටම කලින් මේ බ්ලොග් එක රෝලෙ එල්ලගන්න ඕනි.

    ස්තූතියි අයියන්ඩී..

    ReplyDelete
  22. තමන් කියැවූ පොතක් ගැන මෙවන් විග්‍රහයක් කරන පෙළැඹීම අගේ කළ යුතුයි.
    මම නම් මා ලියන පොතක් උස්සල තිබ්බ කියල මුරුංග අත්තට නගින්නෙ නෑ වගේම, එය පහතට ඇද දැම්ම කියා කෝපවෙන්නෙත් නෑ.
    විවිධ මත ගැටීමයි වඩා වැදගත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොකී කථා. මමත් හිතන්නේ මත ගැටෙන තරමට සත්‍යය මතු වෙනවා කියල.

      Delete
  23. බෝධිනී කියන්නෙ හිත හොඳ වෛද්‍යවරියක්.. ඇයට බ්ලොග් අඩවිය ලියද්දි වගේම, පොතක් විදියට එළිදක්වද්දිත් ඒ වෙද්දි ලංකාවෙ තිබුණු දේශපාලන වාතාවරණය, මර්දනය ගැන බොහෝ දේවල් හිතන්න, ස්වයං වාරණ පමුණුවා ගන්න සිද්දවුණා. මමත් ඔය දකුණේ සිංහල මානසිකත්වයෙන් ලියැවුණු සමහර තැන් ගැන කතා කළාම බෝධිනී නංගි ඇයි එහෙම වුණේ කියල පැහැදිලි කළා..

    බ්ලොග්යට වගේම පොතටත් ඇතුළත් නොවූ තව අත්දැකීම් බොහොමයක් තියෙන බවත්, ඇයි ඒවා නොලියවුනේ කියලත් මං දැනගත්තෙ ඒ කතා බහෙන්... සමහර විට ඉදිරි කාලයේ ඈ ලියාවි... මනුස්සකමට මුල් තැන දෙන බෝධිනී හිතා මතා අන්තවාදී මග නොගන්නා බව මං පෞද්ගලිකවම දන්නවා... අනිත් කොන ගැන මා ලියූ කෙටි සටහනක් මෙතන ඇති...

    නමුත් මෙවැනි සංවාද ඇති වීම වැදගත්.. පොත ගැන වගේම අපිට අපේ සමාජය ගැනත් , අපි ගැනත් අලුතින් හිතන්න මේ වගේ සංවාද උදව් වෙනවා..

    http://tharupaththiru.blogspot.com/2015/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. තරු නංගී ඔයත් ඔලුවෙන් හිටගෙනද කියෙව්වේ? බෝධිනී අන්තවාදී කියා මා කියා නැත.

      Delete
    2. අනේ නැහැ අජිත් අයියේ, මං කියන්න උත්සාහ කළෙත් ඒ අන්ත දෙක අතර ඉඳන් වැඩ කරන්නත්, ලියන්නත් බෝධීනී සෑහෙන්න මහන්සි වෙලා තියෙන බව.. ඔයා ඒ තත්ත්වය තේරුම් අරන් තියෙනවා කියල ලිපියෙන් පැහැදිලියි..

      Delete
  24. ඔව.බෝධිනී කියන්නෙ රාවණා බලය වගේ නමක් තියෙන අන්තවාදී සිංහල සංවිධානයකට උණෙන් වැඩ කරපු කෙනකේ. එතුමියගෙ තාත්තා පාඨලී චම්පික රණවකගෙ ළගම හිතවතෙක්. පුලුවන් නං නෑ කියමු බලන්න දොස්තර නෝනේ. අපේ වීරෝදාර රණවිරුවො වගේ වචන ඔබතුමියගෙ බ්ලොග් එකේ ලියවේන්න හදපත්ලෙන්මයි. ඒක නම් ඇත්තයි

    ReplyDelete
    Replies
    1. නැත නැත. රජයේ සේවකයෙක් මිස වෙන කොහෙවත් උණකින් වැඩ කරලා නැත. උණ සෑදුනු විට විවේකයෙන් පසුවීම අප දෙන අවවාදය වුනත්, රජයේ සේවකයන් වන අප වැනි දොස්තරලාට නම් වාට්ටුවේ ඇතැම් විට සේවය කරන එකම වෛද්‍යවරිය වුන නිසා උණෙන් වුනත් සේවය කරන්නට සිදුවිනි. ඉතිහාසය සොයන මිතුරන් පිරිසක් සිටිය මුත්... කිසිම සිංහල සංවිධානයක වැඩ කර නොමැත. සොයා ගත්තේ ඒ මහතා පමණද ? මගේ පියා නම් තව බොහෝ අය දැන හඳුනන බවයි මා සිතුවේ. දැන් ඒවා සහ බ්ලොග් අතර හෝ මගේ සේවය අතර ඇති සබැඳියාව කුමක්දැයි නොදනිමි. මේ උන්දෑ මාව දන්නේ නැති හැඩයි. යළිත් සොයා බලා දැන උගෙන එන්න !

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .