Tuesday 26 September 2017

ධවල භිෂණය නැවතත්

ධර්මසිරි බණ්ඩාරනායකයන  කියන්නේ සිංහල සිනමා ලෝකයේ විතරක් නෙමේ වේදිකාවේත් පතාක යෝධයෙක්. ඒකා - අධිපති , මකරාක්ෂයා , යක්ෂගමනය, ට්‍රෝජන් කාන්තාවෝ එතුමා විසින්  බිහිකළ අමතක නොවෙන නිර්මාණ.
චිත්‍රපට ගත්තොත් සුද්දිලාගේ කතාව, භාව දුක, තුන්වෙනි යාමය , භව කර්ම, හංස විලක් වැනි චිත්‍රපට සිංහල සිනමාවේ නිම වළලු පුළුල් කළ අමරණිය නිර්මාණයන්. අදත් සාජ්ජයක් දාන කොට සුනිලා  අබේසේකර , ටී එම් ගේ මියුරු හඩින්  ගැයුණු ඒ  "හෙමින් සැරේ පියා විදා " ගීතය අපි හැමෝම අහන බැරි බරියාවෙන් හරි ගයන්නට තැත් කරන අපුර්ව ගීතයක්.

ප්‍රේමසිරි කේමදාස ගේ සුසංයෝගයෙන් බිහිවුණු මේ නිර්මාණ අති  විශිෂ්ටයි කිවොත් අතිශයෝක්තියක් නෙමෙයි.

ත්‍රිකෝණ සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර  පිණිස ධර්මසිරි  බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යක්ෂණය කල "ධවල භීෂණය" නාට්‍යයේ විශේෂ දර්ශනයක් ඔක්තෝබර් මස පළමු වැනි දින බොරැල්ල පුංචි තියෙටර් හිදී  නැවතත් වේදිකා ගත කෙරෙනවා. පුලුවන්නම් යන්න. 

ඔබට අරමුදලට ආධාර කිරීමට අවශ්‍ය නම් ආධාර මේ ගිණුම් අංකයට යවන්න.

Name of the Account : Trikone Cultural Foundation
Account Number : 1200029179
Name of the Bank: Commercial Bank of Ceylon PLC
Branch: Nugegoda



14 comments:

  1. "මුදල් ගෙවා ප්‍රසිද්ධ කරන ලද දැන්වීමක්" කියා සඳහන් කළා නම් මෙමෙ පොස්ටුවේ අගය ඉතාමත් ඉහල බව කරුණාවෙන් දන්වා සිටි.ඔබට ජයවේවා මැතිඳ !

    ReplyDelete
    Replies
    1. රත්තරන් මල්ලි මේ සහෘද මනුස්සය ඔය ත්‍රිකෝණය පොත් එලි දැක්වීම් වලට අනිකුත් වැඩ වලට නොමිලයේ ලබා දෙන්නේ. ඉතින් මෙහෙම එකක් හරි දාන එක මගේ යුතුකමක්. ඒකට එතුමා ගෙන් මම සල්ලි ඉල්ලනවානම් එක හරිම කැත වැඩක් නේ. මම එතුමාගෙන් ත්‍රිකෝණ එකවුන්ට් නොම්මරෙත් ඉල්ලා ගත්තා ආධාරයක් යවන්න.
      මෙන්න කැමති නම් යවන්න ආධාරයක්.
      Name of the Account : Trikone Cultural Foundation
      Account Number : 1200029179
      Name of the Bank: Commercial Bank of Ceylon PLC
      Branch: Nugegoda

      ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමාවට වෙදිඅක්වට ලොකු සේවයක් කරපු කෙනෙක්. ධවල භිෂණය නවතැහැ පෙන්වන්නේ මොකද අකියල නම් දන්නේ නැහැ. නමුත් ඒක එතුමාගේ තීරණයක්.

      Delete
  2. "D"awala "B"eeshana
    "D"harmasiri "B"andaranayake

    ReplyDelete
    Replies
    1. "Dh"awala "B"eeshana
      "Dh"harmasiri "B"andaranayake

      Delete
  3. වේදිකා නාට්‍යයක් බලන්න යන්න ආසාවෙන් ඉන්නේ.. හැබැයි මම කැමති ප්‍රහසන වලට.. මේක ප්‍රසිද්ධ නාට්‍යයක් කියල දැනගෙන හිටියට බලන්න යන්න හිතෙන ගතියක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රසිද්ධ නාට්‍යයක්. සාත්‍රේ ගේ ඔය නිර්මාණය ගොඩක් රටවල කරලා තියනවා. පුලුවන්නම් යන්න. ප්‍රහසන නම් හොඳයි තමයි. මම හිතන්නේ මේ කතාව අදාල ශ්‍රී ලංකාවේ 88-89 යුගයට.

      Delete
  4. ස්තුතියි. හැකියාවක් තිබ්බොත් යන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. නාට්‍යය හොඳ එකක් . ඒ වගේම ත්‍රිකෝණ අරමුදලට ආධාරයක්

      Delete
  5. වෙලාව වෙන්කරගන්න පුළුවන් උනොත් යනවා.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දාන්න. "මම එරන්දිගේ මහත්තය" මේ වගේ නාට්‍යයකට කැමති වෙයි " :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .